Sunday, September 6, 2015

රජ ගෙදරටත් සිර ගෙදරටත් පාර කපන සෙනසුරු





සෙනසුරුට මේ ලෝකයේ කළ නොහැකි බැරි දෙයක් නැත. මේ ලෝකේ පමණක් නොව ලෝකෙදිත් සෙනසුරුට කළ නොහැකි දෙයක් නැත. නිසා 'අපායෙත්, ස්වර්ගයේත් යතුර ඇත්තේ සෙනසුරු ගාවයි' කියා ප්රසිද්ධ කතාවක් ඇත. සෙනසුරු කියන්නෙ නවග්රහ මණ්ඩලයෙ ඉන්න බලගතුම පාපයා. සෙනසුරුට සේරම දේවල් උඩුයටිකුරු කරවන්න හැකි බව සෙනසුරුගෙන් බැට කාපු ඕනෑම කෙනෙක් හොඳින්ම දන්නා කාරණයක්. වගේමයි නරකට වගේම හොඳටත් සෙනසුරු බොහොම හොඳයි.

සෙනසුරු ග්රහයා, උපතින්, දුර්වලව අසුබ ස්ථානගතව සිටි අවස්ථාවලදී රජවරුන් සිහසුනෙන් පහ කලේ අනුකම්පා විරහිතවයි. තම මාලිගාවලින් නෙරපා, මහ පාරට හිඟන්නන් මෙන් ඇද දැමීමට සෙනසුරු තරම් දක්ෂයකු තවත් ග්රහ ලොව ඇත්දැයි සැක සහිතය.
මහා ධන කුවේරයන්, සිටුවරුන් බඳු පුද්ගලයන් අසරණ හිඟන්නන් බවට පත් කිරීමට සෙනසුරුට එතරම් කාලයක් යන්නේ නැත. එනිසා උපතේදී සෙනසුරු දුර්වලව පිහිටි අය ඉතා පරෙස්සමෙන් ජීවිතය ගෙන යා යුතුය.

ශනි හෙවත් සෙනසුරු රෝග කාරකයාය. අසුබවාදීව පිහිටන ලද සෙනසුරුගේ මහ දශා හෝ අතුරු දශාවලදී නැතිනම් අසුබව පිහිටන ලද වෙනත් ග්රහයකුගේ අන්තර් දශාවකදී වම් පාදය බිඳ දමන්නට සෙනසුරු කිසිසේත්ම මැළිවන්නේ නැත. එසේ කරගන්නට බැරි වුවහොත් තුවාල කිරීමට හෝ අඩු තරමින් උළුක්කුවක් හෝ කිරීමට මාන බලයි.
සෙනසුරුගෙන් මනුෂ්යයාට උරුම වන ලෙඩ දුක් පීඩා අතර වාත රෝගවලට හිමිවන්නේ ප්රථම ස්ථානයයි. එමෙන්ම දත් රෝග, කන්වල ආබාධ, බිහිරි වීම, සෙම් ගෙඩි, මස් දලු, යටි බඩේ ආබාධ, හොරි, දද හා කුෂ්ඨ ආදිය විශේෂයි. බොහෝ විට අංශභාග රෝගද සාදා, දීර්ඝ කාලයක් ඇඳක් මතට වී දුක් විඳින්නට සලස්වන්නේද වෙන කවුරුවත් නොව සෙනසුරුමය.

දුකට අධිපතියා ලෙස හංවඩු ගසා ඇති සෙනසුරුගෙන් ඒරාෂ්ටක අපල හතරක් අවුරුදු තිහකට වරක් උදාවේ. ඒවා හඳුන්වන්නේ ලග්න ඒරාෂ්ටකය, ලග්න අෂ්ටමය, ජන්ම (චන්ද්) ඒරාෂ්ටකය හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය යනුවෙනි. මෙම ඒරාෂ්ටක කාලවලදී රජවරුන් පවා තනතුරුවලින් පහ කරන ලද අවස්ථා ඉතිහාසයේ එමට තිබෙනවා.
නෛකශ්රීයෙන් විරාජමානව, සැප සම්පතින් හා බලයෙන් ආඪ්යව සිටි මහා බලවතුන්, හිටි හැටියේම සිහසුනෙන් බිමට ඇද දැමීමට සෙනසුරු කටයුතු කරන ආකාරය හරිම අපූරුයි. අදහා ගැනීමට පවා අසීරුයි. එම රජවරුන් හා සිටුවරුන් මහ මඟ සිඟ සිඟා යන අයුරු දකින සෙනසුරුට දැනෙනුයේ ඉමහත් සතුටකි.
එසේනම් කෙසේවත් සෙනසුරු හොඳ ග්රහයකු යැයි අපට කියන්න බෑ. සෙනසුරුගේ නෛසර්ගික ගතිය කිසි විටෙකත් යහපත් වන්නේ නැතැයි අප තුළ මුල් බැසගත් විශ්වාසයට අනුව සෙනසුරුගෙන් යහපතක් ඇත්ත වශයෙන්ම මනුෂ්යයාට නොවෙන්නේද? මෙය විමසා බැලිය යුත්තක්.

"
කළු වලාකුළේ රිදී රේඛාවන් ඇති සේ" නරක යැයි සම්මත සෙනසුරුගෙන් යහපත උදා වූ අවස්ථා අනන්තවත් තිබෙනවා. සෙනසුරු දඬුවම් පමුණුවන්නේ නිකම්ම නොවේ. ඊට මූලික වන හේතු ගණනාවක් තිබෙනවා. අයුක්තිය, අසාධාරණය, බොරුව, වංචාව, සෙනසුරුට පෙන්වන්නට බැරිය. එය හරියට "නයාට අඳුකොළ වාගේය" කීවොත් නිවැරැදිය. විශේෂයෙන් ජනතාව තළා, පෙළා පීඩාවට පත්කරමින්, ජනතාව සතු සම්පත් සූරාකන්නන් සෙනසුරුගේ උදහසට අනිවාර්යයෙන්ම පාත් වනවා.
සෙනසුරු නියෝජනය කරනුයේ රජවරුන්, සිටුවරුන්, ධනපතියන් හෝ බලපුළුවන්කාරයන් නොවෙයි. ඇත්ත වශයෙන්ම සෙනසුරු ආදරය කරන්නේ මහ ජනතාවටයි. පීඩාවට පත් ජනතාවගේ සහායට අවසන් මොහොතේ ඉදිරිපත් වීම සෙනසුරුගේ සිරිතයි.

සෙනසුරුගේ කෙරුවාවල් අතීතයේදී පමණක් නොව වර්තමානයේදීත් අප අසා තිබෙනවා. සෙනසුරුගේ විනිශ්චය ඇත්තේ මහජන අධිකරණයේය. දෙවියන් විසින් අපරාධකාරයන්ට, මිනීමරුවන්ට, ස්ත්රී දූෂකයන්ට, මහජන දේපොළ සොරාගත් මංකොල්ලකාරයන්ට දඬුවම් දීම සඳහා පත්කර ඇති සර්වබලධාරියා සෙනසුරුයි. සෙනසුරු නඩුකාරයාත්, අලුගෝසුවාත් යන දෙදෙනාගේම භූමිකාව නිරූපණය කරන්නාය. කිසිම අපරාධකාරයකුට හෝ ජනතා ද්රෝහියකුට සෙනසුරුගේ දණ්ඩනයෙන් ගැලවීමට නම් බෑ. ඔවුන් අතුගා දැමීමට සෙනසුරු සැදී පැහැදී සිටිනවා.








සෙනසුරු මහා දශාවක් හෝ අතුරු ඒරාෂ්ටකයක අපල කාලයක් ලබන තුරු සෙනසුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. එතෙක් ජනතාව තළා පෙළා, ජනතාවගේ දේපොළ හා සම්පත් සූරා කමින් සුර සැප විඳින රජවරුන් හා සිටුවරුන් තම ග්රහණයට නතු කර ගන්නා තුරු සෙනසුරුට ඉවසීමක් නැහැ. "දිය රත්වන තුරු කකුළුවා, එය සැපයක් යැයි සිතා විනෝදයෙන් හා පී්රතියෙන් සිටියා සේ" දිය රත් වූ පසු කකුළුවාට අත්වන ඉරණම කකුළුවා දන්නේ නෑ. එහෙත් බව සෙනසුරු හොඳින්ම දන්නවා.
සෙනසුරුගේ කෙරුවාවල් තව අනන්තවත් තිබෙනවා. අපගේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ට දුෂ්කර ක්රියාකර, බුද්ධත්වය සම්පූර්ණ කර ගැන්මට මඟ සලසා දුන්නේද සෙනසුරුමයි. රජ මැඳුරෙන් මහ මඟට බස්සවා, ගෙයින් ගෙය, ‍ෙදාරින්ෙදාර පිඬු සිඟා කෑමට යොමු කරන ලද්දේද සෙනසුරු මිස අන් කවරෙක්ද?
සෙනසුරු එහිදී තම නිසඟ ගතිය මොනවට කියා පෑවා. එය සෙනසුරුගේ හැටිය. සෙනසුරු සැප සම්පත්වලට කැමැති නැත. සැප විඳින්නන්ගේ වරප්රසාද තාවකාලිකව ඇනහිටුවීමට සෙනසුරු කටයුතු කරන අතර අනේක විධ දුක් ගැහැට සලසනවා. සෙනසුරුට ඇඳේ සැපට නිදන පවුකාරයන්ව පෙනෙන්නට බැරිය. කෙසේ හෝ බලන්නේ ඇඳෙන් බිමට දමන්නටය. එසේත් නැතිනම් මහ උළු ගෙදර යවා දුක තොල ගාන්නට සලස්වන්නටය. දුක් විඳින්නට, විඳින්නට තව තවත් දුක් දීම සෙනසුරුගේ සිරිතය.
සෙනසුරු බුදු පියාණන්ගේ සිවුපසය පවා දුර්වල කිරීමට ක්රියා කළ ග්රහයකු බව අපට අමතක නැත. සෙනසුරුගෙන් පීඩා සිදුවන කාලවලදී දෙවියන්ටවත් ඔහුගෙන් බේරෙන්නට බැරිය. බව සනාථ කරමින් විෂ්ණු දෙවියන්ටත් සෙනසුරු බටකොළ කවන ලද බවත් ජනප්රවාදයේ තිබෙනවා.

සෙනසුරුගෙන් බේරෙන්නට කිසිවකුටත් නොහැකිය. දෙවියන් පවා සෙනසුරු අපල කාලයට දෙව්ලොවින් තාවකාලිකව චුත වී වෙනත් වේශවලින් කල්ගත කරන බවට කතාවක් ඇත. සුදු ඇත් වේශයක් මවාගෙන විෂ්ණු දෙවියන් කැලයට වී අවුරුදු හතරහමාරක් බට කොළ කකා සිටීමෙන්ම බව තහවුරු වෙනවා.
සෙනසුරු නරක යැයි හංවඩු ගැසුණත්, හොඳ කළ වාර අනන්තවත් තිබෙනවා. මහා බලවතුන් බලයෙන් ඇද දමන්නාක් මෙන් දුබලයන් බලවතුන් කිරීමටද සෙනසුරු එක හා සමාන දක්ෂයෙක්. මහා බලගතු 'සිංහාසන යෝගය' යෙදෙන්නේද සෙනසුරු වැනි පාප ග්රහයන්ගේ මුල්වීමෙන් බව අප අමතක නොකළ යුත්තක්.

මේෂ, කටක, තුලා, මකර යන රාශිවලින් එකක් ලග්නය වී උපත ලැබූ අයකුගේ කේන්දරයේ 6, 8, 12 යන ස්ථානවලින් එකක සියලුම ග්රහයන් පිහිටීමෙන් 'සිංහාසන යෝගය' උදාවෙයි. මෙහිදී රාහු හෝ කේතු සිටිනුයේ පරස්පරවයි. එක් අයකුගෙන් අනෙකා හත් වැන්නේය. එය සාමාන් තත්ත්වයයි. සිංහාසන යෝගය යෙදෙන තවත් අවස්ථා කිහිපයක් තිබෙනවා.
කෙසේ වෙතත් ජන්මියකු සිහසුනේ තබා රජ කරවීමටත්, රජකමින් පහ කර මහ මඟට ඇද දැමීමටත් සෙනසුරුට හැකියාව තිබෙනවා. එය අප අමතක නොකළ යුතුයි. දේශපාලනය, දේශපාලනඥයා හා මහජනතාව අයත් වන්නේ සෙනසුරුගේ නීතිය යටතටය.