වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ම දර්ශනය වන්නේ නැත. චන්ද්‍රග්‍රහණයේ අවසන් කොටස පමණක් සවස් කාලයේ හඳ පායා එනවිට සුළු වශයෙන් මෙරටට පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. උතුරු හා දකුණු ඇමෙරිකා රටවලටත් ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව ඇතුළු නැගෙනහිර ආසියාවටත් මෙය හොඳින් දර්ශනය වනු ඇත.
මෙවර චන්ද්‍රග්‍රහණය හේතුවෙන් රාත්‍රී කාලයේ දී සඳ රත් පැහැයෙන් පෙනෙන බැවින් එය බ්ලඩ් මූන් යනුවෙන් යුරෝපීයයෝ හඳුන්වති.මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් වප් පෝදා (08) පස්වරු 1.46 සිට පස්වරු 7.04 දක්වා සිදු වන බව ද මධ්‍යස්ථානය කියයි.
සඳු පොළොවේ සෙවනැල්ලට මුවා වීමෙන් චන්ද්‍රග්‍රණයන් දැකිය හැක්කේ පසළොස්වක පොහොයදාක පමණි.
චන්ද්‍ර ග්‍රහණයකදී සිදු වනුයේ චන්ද්‍රයා වෙත හිරු එළිය ගමන් කිරීම පෘතුවියෙන් අවහිර කිරීමයි.ඒ සඳහා හිරු ,සඳු හා පොළොව හරි කෙලින් පිහිටිය යුතුය.
.............මම දර්ශන කොඩිතුවක්කු..........
(පුර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ මෙසේය ඡායාරූපය අන්තර්ජාල දර්ශනයක්)
No comments:
Post a Comment