මේ ලෝකයේ පණ ඇති පණ නැති දේ පිළිබඳව සිතෙහි ඇතිවන සංකල්පය (බැඳීම ඇලීම) ආශාවයි. බුදු දහම අනුව සෑම උපතක්ම සිදුවන්නේ ආශාව නිසාය. එම සංකල්පය තමාගේ රුචිය අනුව සිදුවේ. කෙනෙකු ඇසින් දැක විඳීමටත්, කනෙන් අසා විඳීමටත්, නාසයෙන් ආග‍්‍රහණය කර විඳීමටත්, දිවෙන් රස සොයා විඳීමටත්, ස්පර්ශය වීමෙන් පහස විඳීමත් සිතෙහි උපදින සංකල්පය මුල්කරගෙන සිදුවේ. වි`දීම ආශාවවේ. මේ වි`දීමෙන් සිදුවන්නේ තෘප්තියක් ලැබීම පමණි. වි`දීම අවසන් වූවිට තෘප්තිය අතුරුදහන් වීම ස්වභාවයකි. කෙනෙකුට ආශාවක් ඇතිවන්නේ කුමක් නිසාද ? ඇස නිසා දකින දෙය පිළිබඳව ආශාව ඇති වේ. කන නිසා ඇසීමෙනුත් නාසන නිසා සුවද දැනීමෙනුත්, දිව නිසා රස දැනීමෙනුත් ස්පර්ශය නිසා පහස ලැබීමෙනුත් ආශාව ඇතිවේ. ඉන්ද්‍රියන් පහ පිනවීම සඳහා සිතෙහි ඇතිවන සංකල්පය ආශාවයි මෙය සිතෙහි දියුණුව අනුව පවපින වශයෙන් සංකල්පය ගොඩනැගෙයි. යමෙකු සතුන් මැරීමට ආශා කරයි, වෙනකෙනෙකුගේ දෙයක් සොරකම් කිරීමට ආශාකරයි, වැරදි කාම සේවනයේ යෙදීමට ආශාකරයි, කෙනෙකු බොරු කියා මුලාවේ දමා සතුටුවීමට ආශාකරයි, මත්පැන් පානය කර විකෘති මානසිකත්වයකින් සිටීමට ආශාකරයි. මේවා අකුල්සල් රැුස්වෙන පවට බර ආශාවන්ය. තවකෙකු පින් දහම් කිරීමට දන්දීමට සිල් ගැනීමට පන්සල් යාමට ආශාකරයි. මෙය ආමිස පූජා වශයෙන් කලහොත් පින අත්පත් කරගැනීමට හැකිඋවත් කුසලයක් රැුස් වන්නේ නැත. ඊට හේතුව ආශාව මුල්කරගෙන සිදුවන නිසාය. පවටත් පිනටත් දෙකටම ඇතිවන ආශාව නිසා පවේදී සතර අපායේ දුක් වි`දීමටත් පින නිසා ආයුෂ, වර්ණ, සැප, බලය ලැබී උපතක් ලැබීමටත් සිදුවන බව සදහන් කරමි. අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ නිවන් මාර්ගයේ යාමට කටයුතු කිරීමයි.
නමුත් නිවන් මගෙහි යාමට ප‍්‍රධාන බාධාවක් වන්නේ ආශාවයි. නිවනට බාධාව ආශාවනම් එය මගහරවා ගැනීමට ආශාව හදුනාගත යුතුය. මොකක්ද මේ ආශාව කුමකටද මේ ආශාව කියා බලමු. ඇස නිසා අපි දකින රූපය දිහා බලමු. අපි මේ රූපය ලස්සනට තියාගන්න කොපමණ ආශාකරනද නොවටිනා මිල ගනන් වලට රෙදිපිලි අරගෙන මේ ශරීරය හැඩගන්වනවාද, රූපලාවන්‍ය මධ්‍යස්ථාන හැමතැනම, මේ මධ්‍යස්ථාන වලට ගොස් මුදල් වියදම් කර රූපය වෙනස් කරනවද නමුත් මේ රූපය මැරෙනතෙක් එකම විදිහට වෙනස් නොවී තබා ගැනීමට පුළුවන්ද ළමා කාලයේ තිබෙන රූපයද, තරුණ කාලයේ තියෙන්නේ, තරුණ කාලයේ රූපයද තරුණියක් නම් විවාහ වෙලා ළමයෙක් දෙන්නෙක් ඉපදුනාම මැදිවියේදී තිබෙන්නේ මැදිවියේදී තිබූ රූපයද දත්වැටිලා හම රැලිවැටී හකු ඇතුලට ගිහින් ඇස් පෙනෙන්නේ නැති මහලූ වියේදී තිබෙන්නේ සොභාවය මෙසේ වුවත් මෙය පිලිනොගෙන මහලූවිය තරුණ විදිහට තබාගන්න වෙරදරන අය නැතිද, ස්වභාව ධර්මය වෙනස් කිරමට උපයෝගී කරගන්නා රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා මරනය ඉක්මන් කරගත් අය නැතිද, මේ සිදුවන්නේ සිතෙහි ඇතිවන, ‘‘තරුණ වියයුතුයි,’’ කියන ආශාව නිසා නේද, ඔබ ඇසෙන් දකින රූපයෙහි වටිනාකම මොකක්ද ? නව දොරකින් හැම මොහොතේම ජරාව ගලන රූපයක් බව සිහෙති ඇතිවුන ආශාව නිසා අමතක වුන බව සිතන්න. නින්දෙන් පසු උදේට අවදිවී කබ, සොටු, කලාදුරු, ගද ගහන කට, මුත‍්‍රා, අසූචි සුවද සබන් දමා පිරිසිදු කරගෙන දහස් ගනන් වටිනා ඇදුම් ඇදගෙන සුවද විලවුන් දමාගෙන ගියත් පැය ගණනකදී දොරටු නමය අතගා බලන්න. පිරිසිදු කිරීමට ප‍්‍රථම තිබූ ගදම ඔබට දැනේවි. මෙසේ වෙනවානම් පැය ගණනක් මහන්සිවී ආශාවෙන් පිරිසිදු කල ශරීරය ලස්සන වටිනා එකක්ද, බව නොතේරෙන්නේ ඇසෙන් දුටු දේ මායාවක් කියා නොතේරෙන්නේ ආශාව නිසා ඔබව මුලාවේ දමා ඇති නිසාය. කෙස්, හම්, මස්, නහර, ඇට, බඩවැල්, සෙමසොටු, කබ, අසූචි, මුත‍්‍රා වැනි කොටස් 32 කින් වටවූ හම් මල්ලකට නොවටිනා කමක් දෙන්නේ ඇසයි, රූපයයි, සිතයි ඇතිකල ආශාව නිසා නොවේද.
ඊලගට දිව බලාපොරොත්තු වන ආශාව බලමු, දිව හැමතිස්සේම බලාපොරොත්තු වන්නේ රසයි. දිවට ඇතිවන රසයෙන් අප ලබන්නේ විදීමක් නොවේද, දිවට දැනෙන රස පවතින්නේ එය දිව මතුපිට තිබෙන කම් පමණයි බව අප සිතනවාද, ලෝකයේ කුමන සුපිරි ගණයේ හෝටලයකින් දහස් ගණන් වියදම් කර කෑවත් හපල හපල උගුරෙන් පල්ලෙහාට ගිය කෑම ටිකක් වමාරා නැවත එය කෑමට පුලූවන්ද, ඒ රසය නැතිවෙලා යනවා නේද ? මොන විදිහේ ආහාර ගත්තත් ආහාර ගැනීමේ පරමාර්ථය කුසගින්න නිවීම නේද ? බතුයි සම්බෝලයි බඩපිරෙන්ඩ කාපු වෙලාවක තරු පහේ හෝටලයකින් කෑම ගෙනාවත් කෑමට අකමැති වෙන්නේ ගින්න නිවී ඇති නිසායි. එසේ නම් අපි රස සොයා යෑමට යන්නේ කුසගින්න නිවීමටද, දිව පිනවීමටද. මොනදේ කෑවත් පසුදා උදේට වටිනාකමක් තිබේද. මෙයද සිතේ හටගන්නා ‘‘මීට වැඩිය ඒක හොදයි’’ කියන සංකල්පය ආශාව නෙමේද ? නාසයට දැනෙන සුවද ද කනට ඇසෙන ශබ්දයද ටික වේලාවක් යනවිට ඇති වන වා නේද නාසයට දැනුන සුවද වඩා ගදක් ආවොත් සුවද නැතිවෙනවා නේද ? නාසය දුන් සුවදට ආශාව ඇතිවන්නේ සිතේ ඇතිවුන ආශාව නිසාය. කනට ඇසෙන මිහිරි ශබ්ද වලට නොකඩවා සවන්දීගෙන සිටිය හැකිද ? එයින් ලබන තෘප්තිය ඇතිවූ විට අත්හරින්නේ නැතිද ? කුමන හෝ ආශාවකින් සවන්දීගෙන සිටියත් තෘප්තිය අවසන්වූ පසු අතහැරෙනවාමය. ස්පර්ශයද මෙසේය කුමන විදිහේ සුන්දර පහසක් ලැබුවත් එහි වටිනාකම අඩුවූවිට ඉබේම සිතෙහි උපදින සංකල්පය මත දුරස්වෙනවාය. උදාහරණයක් වශයෙන් තරුණ යුවලක් විවාහ ගිවිසගත් මුල් කාලයේදී තිබුන ස්පර්ශය තුලින් ලැබූ සුන්දරයැයි සිතූ පහස අවුරුදු කීපයකින් විනාශ වී අඩදබර වන්නේ ස්පර්ශය නිසා ලැබූ පහස ආශාවෙන් මිදුන නිසානේද? සියල්ල මෙසේ සිදුවනවානම් මේ ආශාව මායාවක් නොවේද ? නොවටිනා දෙයකට වටිනාකමක් දීමනේද අවසානයේ සිදුවන්නේ කුමක්ද ආශාකල සිය`ඵදේ අපට අහිමිවීම නේද ? මේ අහිමිවීම මරණයට පෙර තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට, පෙර පිනක් මතුවූයේ නැතිනම් ජීවත්වන කාලයතුලම පංචකාම සම්පත්තියේ ගිලී සිට මිය ගියහොත් කුමක් සිදුවේවිද ? ලබන භවය කුමන ආත්මයක් ලැබේවිද කිව හැකිද ? මේ ආත්මයේ පව්නොකලත්, පෙරකුමන හෝ භවයක කලකීදේ ඵලදීමට ඉඩ වැඩිය. අනවබෝධයෙන් කාලය ගෙවීම එහි ප‍්‍රතිඵලයයි. ඔබම ආපසුහැරී බලන්න. ඉදුරන් පිනවමින් සැපසේ ගෙවූ කාලය සැපයක්ද දුකක්ද යනබව සැපයක් බව සිතෙන්නේ වි`දිනකම්ය. වි`දීම ලබන්න බැරිවූ කාලයක ඇතිවන්නේ දුකක්ය. නමුත් අවබෝධකරගෙන සැපවිදිනවා නම් බැරිවූ කලට දුකක් ඇතිවන්නේ නැත්තේ මෙසේ සිදුවන බව බලාපොරොත්තුව සිටි නිසා වියහැක. නමුත් ආශාව කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි කෙනාට එයින් සිදුවන විපාකය නොතේරෙන්නේ ලබන තෘප්තියට ඇති ආශාවෙන් අන්ධවීම නිසාය. බෞද්ධ යන තේරුම වන්නේ අවබෝධකරගත්, බුද්ධිමත්, දැනගත් යන්නය. බෞද්ධයා යැයි කියන්නේ අවබෝධකරගත් දැනගත් බුද්ධිමතාටය. මොහු කුමන ආගමක හෝ වියහැක. එනිසයි අප අමා මෑණී බුදුපියානෝ සිය`ඵ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මය සොයා ප‍්‍රත්‍යක්ෂ්‍ය කරගන්නේ, පව් නොකලාට බෞද්ධයකු වන්නේ නැත. පින්කලාටද බෞද්ධයකු වන්නේ නැත. බුදුන්දේශනා කල ධර්මය තමන්ට හැකි පමනින් අවබෝධකරගෙන ප‍්‍රතිපත්තියෙන්ම ප‍්‍රායෝගික කිරීමෙන් බෞද්ධයකු විය හැකි බව සිතන්න. බෞද්ධ ගමන මෙසේ සිදුවනවානම් මෙතෙක් ඔබකර ඇත්තේ පව්ද, පින්ද, කුසල්ද යන වග බුද්ධිමත්ව හිතන්න. ‘‘සබ්බ පාපස්ස අඛරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානු සාසනං’’ සියලූ බුදුවරුන්ගේ අනුශාසනාව වූයේ පාපයෙන් මිදී සිත දමනය කර කුසල් වඩන්න කියාය. එසේනම් අප මෙතෙක් ආශාවෙන් කර ඇත්තේ පව්ද ? පින්ද ? කුසල්ද ? ආශාවෙන් කළ සෑම දෙයක්ම නිවනට බාධාවක්මය. බාධාව මගහැරගෙන නිවන් මග පසක් කරගන්නේ කෙසේද ?
අප ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ දීපංකර බුදු පාමුලදී රහත්වී පිරිනිවන් පෑමට අවස්ථාව තිබියදීත් එය කලකට ප‍්‍රමාදකොට සාරා සංඛකල්ප ලක්ෂයක් බෝසත් ආත්මවල දුක් වින්දේ තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් නොව. මමද මේ දුකෙන් මිදී සියලූ සත්වයින්ම දුකෙන් මුදවා ගන්නවා යැයි සිතාය. බුදු දහම ප‍්‍රතිපත්තියෙන්ම අනුගමනය කරන්නා සසර දුකෙන් එතෙරවනබව උදාහරණ සහිතව දේශනා කර ඇත. මේ සංසාර ගමන නිසා ඇතිවන විදින දුක අප බුදුන් දැක ප‍්‍රත්‍යක්ෂ්‍ය කොටගත් නිසා සිය`ඵ සත්වයා කෙරෙහි ඇතිවූ අනුකම්පාව නිසා නිර්ලෝභීව සත්‍ය දේශනා කළහ. මේ සසර දුකට ප‍්‍රධානම හේතුව වූයේ ඉපදීම බව කියාදුන්හ. පසුව ඉපදීමට හේතුව ආශාව (තන්හාව) බව සැක දුරුවන ආකාරයට උදාහරණ සහිතව දේශනා කළේය. ඉන්පසුව මේ දුක කියන්නේ මොකක්ද ? ඇත්වෙන්නේ කොහොමද නැති කරගන්නේ කොහොමද, ඒ ස`දහා අප අනුගමනය කලයුතු අකාරය වන දුකෙන් මිදීමේ සත්‍ය කරුණු හතර චතුරාර්්‍ය සත්‍ය වශයෙන් පැහැදිලි කලහ. මෙසේ දේශනා කල සත්‍ය හතර අවබෝධ කරගැනීමට නම් පිලිපැදිය යුතු කරුණු අටක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් ඒ අනුව පිලිවෙත් රැුකිය යුතු බවත් කියා දුන්හ. අප බුදුන් වහන්සේ බෝසත් ආත්මවල කියා නිම නොකල හැකි දුකක් වි`ද සොයාදුන් සත්‍ය ධර්මය තිබියදී බෞද්ධයන් යැයි කියන අය කරන්නේ කුමක්ද ? කලයුත්තේ කුමක්ද ? අනේ අපේ අසරණ බෞද්ධයන් අතරමංවෙලාද අතරමංකරලාද, මට හිතෙන්නේ දහම් පිපාසයෙන් සිටින අසරණයින්ගේ දුර්වලකම් හේතුකොටගෙන කලයුතු දෙය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාදී තිබියදී නොකල යුතු දෙයට වටිනාකමක් ප‍්‍රසිද්ධියක් දී බෞද්ධයින්ගේ සංසාර ගමන තවත් දික්කර අතරමං කර ඇති බවයි. මේ සියල්ල සිදුකරනවා නොව තමන් විසින් සිදුකරගන්නා බව කිව යුතුය, හේතුව නම් සිතෙහි ඇතිවූ ආශාවේ සංකල්පය විපාකය අවබෝධ කරගැනීමට අපොසත් වූ නිසාය. මෙසේ වන ඔබ බුද්ධිමතෙකුදු බෞද්ධයෙකුදු නොවන බවත්, නාමික බෞද්ධයකු වී සිදුවන භයානක විපාකයත් දැන අවබෝධ කරගෙන දුර්ලභව ලැබූ මේ මිනිස් භවයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලින් චතුර්යා සත්‍ය අවබෝධ කරගෙන බෞද්ධයකු වීමටත් ඔහුගේ හෝ ඇයගේ එකම ඉලක්කය පරමාර්ථය වන නිර්වානය ශාක්ෂාත් කරගැනීමට කටයුතු අප‍්‍රමාදීව කරගන්නා ලෙස ශාසනලැදිව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි!
තොරතුරු අන්තර් ජාලය ඇසුරිනි
No comments:
Post a Comment