‘අවබෝධයෙන් නිවන් මග යන්න‘
(ඇසළ පෝදා ධර්ම දේශනය)
පුරා වසරක කාලයක් ලංකාදීප අන්තර්ජාලය මගින් ධර්ම දානය බෙදාදීමට හැකියාව ලැබීම බෞද්ධයෙකු වශයෙන් මා ලැබූ බුද්ධාලම්මන ප‍්‍රීතියක් බව ස`දහන් කරමි. පැවිදිව සිටියදීත් ගිහියෙකු වී සිටින විටත් මා ලැබූ අත්දැකීම් තුලින් මං මුලාවූ අසරණ බෞද්ධයින්ටත් මාගේ දැනුමේ මට්ටමින් බෞද්ධකමේ තත්වය ලොවටම පැහැදිලි කර දීමට මා හට සැදැහැසිතින් අවස්ථාව සලසා දුන් ලංකාදීප කතෘ මහත්මයාටත් කාර්ය මණ්ඩලයටත් මා ධෛර්මත් කළ මා මිත‍්‍ර උපතිස්ස මහතාටත් ධර්ම දානයෙන් ලැබූ පුන්‍යානුමෝදනාව ප‍්‍රථමයෙන් පිරිනමමි.
පින්වතුනි මෙතෙක් මා ලියූ ධර්ම කරුණුවල අන්තර්ගතය වූයේ බෞද්ධකමේ පරමාර්ථය වන නිවන්සැප ලැබීම සොයන වැරදි ක‍්‍රියා මාර්ග කියා දීමටය. අප බුදුරජාණන් වහන්සේ නිවන් මගයාමේ නිවැරදි ක‍්‍රියා මාර්ග කියා දී තිබියදී සමහර දේශකයානන් වහන්සේලා තමන්ගේ පැවැත්ම උදෙසා කාලෝචිත යැයි කියන ධර්ම දේශනා, ක‍්‍රියා මාර්ග හදුන්වා දීමෙන්, අනුගමනය කිරීමෙන්, වර්තමාන බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයම සංසාර ගමනේ අතර මං වන බව කිව යුතුය. බුදු දහමේ පිලිවෙත වනුයේ අස්කිරීම මිස රැුස්කිරීම නොවේය. අප බුදුරජාණන් වහන්සේ දේශණාකල දහම අනුව රැුස්කිරීමෙන් සිදුවන විපාකත් අස්කිරීමෙන් ලබන සැනසීමත් සත්‍ය බුදු පිලිවෙත් අනුව කියා දුනහොත් මිථ්‍යා දුෂ්ඨිකයෙකු නොව සත්‍ය දකින අවබෝධ කරගැනීමට හැකි බෞද්ධයා වර්තමාන සුඛෝපබෝගී පහසුකම් ඇති පන්සල් අතහැරීම වැලැක්විය නොහැක. මේ හේතුව නිසා පන්සලේ ප‍්‍රසිද්ධියෙන් තමන් වහන්සේගේ උගත්කම ප‍්‍රසිද්ධිය ආදායම ර`දවා ගැනීමේ පරමාර්ථයෙන් බෞද්ධයාව පිනට හුරුකරනවා මිස කුසලය හදුන්වා දෙන්නේ නැත. සමහර පන්සල්වල බුද්ධං සරණං ගච්චාමි කියා ගිහියාව සමාදන් කලාට දෙවියන්ට පූජා වට්ටිය තබා කන්නලව් කරන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය. බුදු සරණේ වටිනාකම ගිහියා දැන ගන්නේ නැත. පිංකම් මිස කුසලක් ක‍්‍රියා නැත. බොහෝ බෞද්ධයින් පිංකම් කරන්නේ ප‍්‍රසිද්ධියටය. (ගිහි පැවිදි දෙපක්ෂයම) ප‍්‍රසිද්ධ වීම තුළ ඇත්තේ ආශාවය, ඇල්මකින් බැදීමකින් තොරව කරන පින කුසලයක්ය. පින සහ කුසලය උද`ඵ තලය සහ මිට වගේය. උද`ඵ තලය තිබුනාට මිට නැතිව උදැල්ලක් වන්නේ නැතිබව සේම පිනක් නැතිව කුසලයක් අත්වන්නේ නැත. පින කල යුත්තේ අවබෝධයෙන්ය. කල යුතුම දෙය පමනක් අවබෝධකරගෙන කිරීමට බෞද්ධයා පෙළඹුනොත් පන්සලේ හාමුදුරුවන්ට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි වන නිසා උගත් ස්වාමීන් වහන්සේලා කාලෝචිත අදට සුදුසු ක‍්‍රමය හදුන්වාදෙන බව කීවේ එනිසාය. (සැමම, සැමතැනම, නොවේ* මෙයට හොදම උදාහරණයක් ලෙස මා පවසන්නේ ලංකාවේ තිබෙන පන්සල් භාවනා මධ්‍යස්ථාන වල ප‍්‍රමාණයට ශ‍්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමී, අනාගමී රහතුන් වහන්සේලා කොපමණ සිටිය යුතුද, මේ වෙනුවට මිනීමරුවෝ, ස්ත‍්‍රී දූෂකයෝ, මංකොල්ලකාරයෝ, ළමා අපචාරකයින්, මහජන දේපල සොරාකන දේශපා`ඵවෝ, නිදන්හොරු බිහි වන්නේ ඇයි ? හොද නරක කියාදෙන ආදර්ශමත්, වචනයට පමණක් ගෞරවණීය නොවන ස්ථාන හා පුද්ගලයින් නොමැති කම නිසාය. අද සැම ආගමකම සමහරක් පූජනීය ස්ථාන විශාල මහා පරිමාන ආදායම් ලබන මධ්‍යස්ථාන බවට පත්වී ඇත. ඕනෑම ආගමක දහම වනුයේ මිනිසා සුවපත් මාර්ගයට ගැනීම මිසක් විනාශකාරී මාර්ගයට පෙළඹීම නොවේය. හො`ද නරක, යහපත අයහපත, පව පින, කුසල අකුසලය කියාදීම බුදු දහමේ ප‍්‍රතිපත්තියයි. අද අපට බුදු කෙනෙකු නැත පිහිටට ඇත්තේ ධර්මය පමණයි. මෙය කියාදීමට ස`ග සරණක් අපට තියෙනවාද (නැතිවාම නොවේ) අද සමහරක් උගත් ප‍්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පැවිදිවී ඇත්තේ පාර්ලිමේන්තුවට යාමට, දේපල තමන් සතු කර ගැනීමට ව්‍යාපාර කටයුතු වැනි පෘතග්ජන පුද්ගලයින් කරන දේ කිරිමටය. මේ හේතුව නිසා බුදු දහම නැතිවී නැත. බුදුදහම අනුගමනය කරන පුද්ගලයා විකෘති වී මං මුලාවී ඇත. මා මුලින් සදහන් කල පරිදි අස්කරන ස්ථාන වලට ප‍්‍රසිද්ධියත් ගෞරවයත් නොමැතිකම නිසාත් රැුස්කරන ස්ථානවලට ගෞරවයත්, ප‍්‍රසිද්ධියත් ලැබෙන නිසාත් වර්තමාන මිථ්‍යා දෘෂ්ටික බෞද්ධකම නිසා කීර්තියට ප‍්‍රසංසාවට ප‍්‍රසිද්ධියට කැමති පෘතග්ජන බෞද්ධයා සංසාරේ අතරමං වන බව කණගාටුවෙන් ප‍්‍රකාශකරමි.
උප්පැන්න සහතිකයට පමණක් අප බෞද්ධවී ඇති ඵලය කුමක්ද ? එසේනම් අප කුමක් කල යුතුද ? ප‍්‍රථමයෙන් අපි අපගේ තුන්ලොවට අග‍්‍රවු ශ්‍රේෂ්ඨවූ සිය`ඵ සත්වයන්ට කරුණාව දැක්වූ අප බුදුරජාණන් වහන්සේව දැන ගනිමු. මේ ලොව බුදුවරුන් දහස්ගානක් ඉපදී ඇත. ඒ අතරින් දීපංකර බුදු රජානන් වහන්සේගේ කාලයේ බෝධිසත්ව පාරමීදම් පුරමින් සිටි සුමේධ නම් තාපසයාණන් හට රහත්වී පිරිණිවන් පෑමට අවස්ථාව ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කලේ මම රහත්වී පිරිනිවන් පා සසර ගමන නවතා ගත්තත් භවයක ඉපදී විදින දුක නොතේරෙන සිය`ඵම සත්වයින් හට එයින් මිදීමට අවස්ථාවක් නොලැබෙන නිසා මම බුදුකෙනෙකුවී සියලූ සතුනට මේ දුකෙන් මිදීමට පිහිටවිය යුතුයි සිතා, දීපංකර බුදුහිමි පාමුලේදී රහත්වීමට තිබූ අවස්ථාව පසුවට කල්තැබීය. එතැන් සිට සාරාසංකල්ප ලක්ෂයක් පමණ මේ ඉපදීමට හේතුව ඉපදී ඇතිවන දුකත්, දුක නැතිකර ගැනීමෙන් ලැබිය හැකි දේත්, දුක නැතිකර ගැනීමේ මාර්ගයත් බෝධිසත්ව අදහස් ඇතිව කිසිම අයෙකුගෙන් උපදෙස් නොලබා තමන් විසින්ම විද දැන, ඉපදුනු ඕනෑම සත්වයෙකු වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම නොවැලැක්විය හැකි, දුකට හේතුවන කරුණු බව දැන මෙයින් මිදීමට අවශ්‍ය කරුණු තමන් වහන්සේ විසින්ම සොයා ගත් නිසා ‘‘බුද්ධ’’ නම් විය. (මෙහි තේරුම සියලූම ප‍්‍රශ්න වලට පිළිතුරු ගැටලූ රහිතව සියල්ල දැනගත් යන්නය.* මේ සියලූ කරුණු කාරනා තමන් වහන්සේ විසින් දැන ඉගෙන ගෙන හේතු සහිතව අවබෝධකරගත් නිසා සම්මා සම්බුද්ධ නම්වූ සේක. සියලූ සතුන් කෙරෙහි අනුකම්පාව, කරුණාව, දයාව, මෛත‍්‍රිය ඇති ව බුදුවූ ඒ අප ශ‍්‍රී ගෞතම නම් වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේය.
මෙයින් පසුව අපි දැනගමු මොකක්ද, ශ‍්‍රී ශ‍්‍රද්ධර්මය එය කාටද ? ප‍්‍රථිඵලය මොකක්ද කියල, උසස් මනසක් ඇතිව ලබන ආත්මය නිවැරදිව ගත කිරීමට නම් අප හරිදේ කුමක්ද ? වැරදිදේ කුමක්ද ? හරිදෙයින් සිදුවන දෙයත් වැරදි දේ කිරීමෙන් සිදුවන දෙයත් දැනගත යුතුය. එසේ නැතිව කොපමණ භෞතික සැප සම්පත් අපට තිබුණත් ඒවා නිසිලෙස පරිහරණය කිරීමට දන්නේ නැතිනම් සිදුවන්නේ විනාශයක්ය. භෞතික සැප සම්පත් නිසිලෙස පරිහරණය කිරීමට නොදන්නා පෘතග්ජනයාට ඇතිවීමක් නැත. මෙවැනි පුද්ගයන් තුල ඇතිවන්නේ මිනිස් ජීවිතය විනාශ කරවන ආශාව වෛරය මුලාවයි. හරිවැරදි නොදන්නා මිනිසුන් සංසාරයේ විදින දුක දැන ඔවුනට නිවැරදි දේත් නිවැරදිවන ආකාරයත්, නිවැරදි වීමෙන් ලබන ප‍්‍රථිඵලයත්, වැරදි සිදුවන ආකාරයත් වැරදි කිරීමෙන් ලබන විපාකත්, වැරැුද්දෙන් මිදෙන ආකාරයත්, වැරදිදේ පව - අකුසලය යනුවෙන්ද, නිවැරදිදේ පින - කුසලය යනුවෙනුත් සියලූ සත්වයාගේ යහපත උදෙසා වැරදි දේ, නිවැරදි දේ නොදන්නා කමින් අපායගාමී වීමෙන් සංසාර ගමනේ ඉපදීමෙන් විදින දුක ගැන කම්පාවී අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ උපමා, උපමේයන් ඇතිව දුන් අවවාද අනුශාසනා ශ‍්‍රී සද්ධර්මයයි. අපිදැන් බුදුන් කවුද ? උන්වන්සේ දේශනාකල ශ‍්‍රී සද්ධර්මය කුමක්ද ? එහි ඇත්තේ කුමක්ද ? (මංගල සූත‍්‍රය, පරාභව සූත‍්‍රය, වසල සූත‍්‍රය කියවා බලන්න) කියා ඉතාම කෙටියෙන් දැනගත්තා නේද ?
මා පසුගිය ඇසළ පෝදින ඉදිරිපත් කල ධර්ම පත‍්‍රිකාවට එක්අයෙක් අදහස් දක්වා තිබුනේ මෙවැනි ලිපි වලින් පවුකාරයන් යහමග යවන්නේ කෙසේද කියාය. ඔහුට පිළිතුරු එහිම තිබුණා වගේම මාද පවසන්නේ බෞද්ධ කම නොදැන කරන වැරදිවලට දඩුවම් විදින්න වන ආකාරය, නොදැන කරන නිසා, මෙවැනි ලිපි කියවීමෙන් බුදු දහමේ සත්‍ය දැන ගන්නා බෞද්ධයා එයින් මිදෙන බව පැහැදිලිව කිව යුතුය. (අංගුලිමාල රහතන් වහන්සේ ගැන සිතන්න) කවුද මේ බෞද්ධයා, මොකක්ද මේ බෞද්ධ කම ?
පින්වතුනේ මා ඉහතින් සදහන් කලා අප බුදුන් බුද්ධ වුනේ සිය`ඵ දෙය දැනගත් හේතුවෙන් බව නේද එවැනිම සමාන තේරුමක් ගෙනදෙන බෞද්ධයා බෞද්ධකම යන වචන බව කියමි. බෞද්ධයා යනුවෙන් අදහස් වන්නේ අනවබෝධයෙන් තොර ඥානවන්ත බුද්ධිමතා යන්නය. බෞද්ධ කමෙන් අදහස් වන්නේ අවබෝධයෙන් ගත කරන සංවරකමයි, උගත් කමයි - බුද්ධිමත්කමයි - සංවරකමයි - වැදගත්කමයි අතර විශාල වෙනසක් ඇති බව සිහි තබා ගන්න. කොපමණ උගත් කමක් තිබුණත් තේරුම් ගෙන අවබෝධයෙන් වැඩ නොකරන කථා කරන, සිතන අය බොහෝය. ඔවුන් නමට බෞද්ධ වූවත් බෞද්ධයා යන තේරුම ඔහුට ගැලපෙන්නේ නැත. පිටතට වැදගත් කමක් පෙන්නුවත් ඔහුගේ හෝ ඇයගේ ඉදුරන් සංවර නොමැතිනම් ඔහු හෝ ඇය ලග බෞද්ධ කමක් නැත. මොවුන් බුදුදහමේ හ`දුන්වන්නේ බෞද්ධයින් ලෙස නොව මිත්‍යා දුෂ්ඨීකයින් ලෙසය. සුදු ඇන්දට, පන්සල් ගිියාට, මල් පහන් පූජාකර සිල්ගත්තාට, ධනය දානය පූජා කලාට විශේෂයෙන් චීවරයක් ඇගලා ගත් පමණින් බෞද්ධකමේ වත් බෞද්ධයෙකු යන තේරුමවත් ශාක්ෂාත් වන්නේ නැත. එසේනම් බෞද්ධකම තුලින් මිනිසෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේද ?
බෞද්ධයෙකු වීමට නම් අසංවරකමෙන් මිදුන සංවර පුද්ගලයෙක් විය යුතුය. නිරහංකාරකම, නිහතමානී කම නම්‍යශීලී භාවය නැතිකෙනෙකුට බෞද්ධයෙකු විය නොහැක. බෞද්ධයෙකු වීමේ පළමු පියවර නම් ශ‍්‍රද්ධා වන්තයෙකු වීමයි. මාන්නය, අහංකාරකම, එකට එක කිරීමේ උඩගු කම ඇති අයට බෞද්ධයෙකු වීමට අපහසු බව කීවේ ඒ නිසාය. ශ‍්‍රද්ධාවන්ත කම නම් ශීලවන්ත කමයි, ශීලවන්ත කම නම් සිත මුල් කරගෙන කය සහ වචනයේ නිවැරදි ක‍්‍රියාවයි. බෞද්ධයෙකුට ශ‍්‍රද්ධාවන්ත කම ඇතිවන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි සත්‍ය දැන විශ්වාසයක් ඇතිවූ විටයි. විශ්වාසය කුමක් ස`දහාද යන්න විස්තර සහිතව නම් 1. භාග්‍යවතුන් වහන්සේ තමන්ට විමුක්තිය උදාකරගැනීමට කියාදුන් ගුරුවරයානන් වහන්සේය. (බුදුන් ගැන විශ්වාසය* 2. බුද්ධ ධර්මය නිවන් මග හෙලිකරන තමන්ට අනුගමන කිරීමට සුදුසු මග බව පිළිගැනීම. (ධම්ම රත්නය පිළිබ`ද විශ්වාසය* 3. ඒ මග ගමන් කල තමණට පූර්වාදර්ශ සැපයීමට සමත් උතුමන් පිරිස ලෙස ආර්ය මහා සංඝරත්නය පිළිගැනීම (සංඝ රත්නය කෙරෙහි විශ්වාස නම් වේ. මෙසේ ත‍්‍රිවිධ රත්නයේ නොවෙනස් සත්‍ය ක‍්‍රියාවලිය හදුනාගන්නා බුද්ධිමතා වැරදිදේ කිරීමට ලැජ්ජා (හිරි* වනවාය. වැරදි දේ කිරීමෙන් සිදුවන විපාකයට බය (ඔතප්* වනවාය. මෙසේ පංච ඉන්ද්‍රීයන් සංවරව සිතට දෙන සංඥාවන් අනුව සිතෙහි දියුණුව ප‍්‍රඥාවන්ත කම නිසා පවෙහි අකුසලයෙහි ප‍්‍රතිඵලය තේරුම්ගෙන ලැජ්ජාබය ඇතිව ජීවත් වීමට ක‍්‍රියාවලිය සිදු කිරීමට විඥ්ඥානය කරුණු දීම නම් ශ‍්‍රද්ධාවන්ත කමයි. (සිතට දැනෙන සිතුවිලි ක‍්‍රියාවලියේ යොදවන්නේ විඥ්ඥානයයි) මෙසේ සංවර ඉදුරන් ඇති සිත සොයනුයේ ඊළග නිවැරදි මාවතයි. එයනම් බෞද්ධයෙකු වීමේ දෙවෙනි පියවර වන බෞද්ධයෙකුවීමට සිදුකරන ධර්මතාවයයි. ධම්මානු ධම්ම ප‍්‍රතිපත්තියයි. නිවැරදි ක‍්‍රමයට අනුව ශ‍්‍රද්ධාවන්කම ආරක්ෂා කිරීමත්, වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීමත් වැරදි දේ නොකිරීමත්, තිබෙන වැරදි නිවැරදිකර ගැනීමත්ය. ධම්මානු ධම්ම ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට කුමක් කල යුතුද ? ත‍්‍රිවිධ පුණ්‍යක් ක‍්‍රියාවන දාන, ශීල භාවනා, සිදුකල යුතුය. දානයෙන් සිදුවන්නේ ආශාවෙන් ඉවත්වීමයි. ශීලයෙන් සිදුවන්නේ සත්‍යය දැනගැනීමයි. භාවනාවෙන් සිදුවන්නේ සිත සංවරවීමෙන්, සත්‍යය දැනගැනීමෙන්, සමාධියට පත්වීමයි. මෙසේ ත‍්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවූ විශ්වාසය මත ගොඩනැගුනු ශීල වන්ත කම ඔබව ශ‍්‍රද්ධානුශාරී පුද්ගලයෙක් කිරීම තුලින් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ධම්මානුසාරී බුද්ධිමත් පුද්ගලයෙක් වීම ශ‍්‍රද්ධානුසාරීවීමත් ධම්මානුසාරී වීමත් බෞද්ධයෙකු වීමේ පළමු සහ දෙවන පියවරවල් බව කිව යුතුය. (වර්තමානයේ බෞද්ධකම පිරීහී ඇත්තේ මේ මොන්ටිසෝරිය ගැන නොදන්නා උගත් මිත්‍යා දෘෂ්ටීන් නිසාය.) දැන් ඔබ බෞද්ධයෙකු වී හමාරය. බෞද්ධයෙකු වූ ඔබ දැන්කල යුත්තේ කුමක්ද ? බෞද්ධයෙකු වීමේ පරමාර්ථ වනුයේ නිර්වාණයයි, නිවන් සැපලැබීමයි. මොන්ටිසෝරිය සමත් බෞද්ධයා අවසාන උපාධිය දක්වා යා යුතුය. මරණ දැන්වීමට නිවන් සැප ලැබේවා කියා දැම්මාට නිවන් ලබන්නට බැරි බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ ගමන් මාර්ගනම් සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරහත් වන ආර්ය මාර්ගයයි. බෞද්ධයෙකු වීමට පලමු පියවරවල් දෙක අනුගමනය කලාසේම ආර්ය මාර්ගය අනුගමනය කිරීමටද පිලිපැදිය යුතු කරුණු අටක් ඇත. එයනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
අරිඅට මග යනුවෙන් දේශනා කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් නිවන් මාර්ගය ශාක්ෂාත් කර ගැනීමට බුදු පිලිවෙත් අනුගමනය කරමින් සිටින ආර්යයන්ට. (පුද්ගලයින්) දැනගත යුතු, දැනගෙන පිලිපැදිය යුතු යහපත් ක‍්‍රියාමාර්ග අටයි. එයනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යාමට පෙර ඒ ස`දහා පිහිට විය යුතු ප‍්‍රධාන කරුණු හතරක් ඇත, ඒවානම් 1. කල්‍යාණ මිත‍්‍ර සේවනය (යහපත් ගුණ ගරුක අදහස් ඇති මිතුරන් ලැබීම* 2. සද්ධර්ම ශ‍්‍රවණය (නිවැරදි අවවාද අනුශාසනා අසන්නට ලැබීම) 3. යෝනියෝ මනසිකාරය - (අසන්නට ලැබෙන නිවැරදි දෙය නොකිලිටි පිරිසිදු මනසකින් අසා දැන ගැනීම) 4. ධම්මානු ධම්ම ප‍්‍රතිපත්තිය - (අසාදැනගත් නිවැරදි දෙය තමන් විසින්ම ප‍්‍රායෝගිකව පිළිපැදීම යන කරුණය) මොනවද පිළිපැදිය යුතු කරුණු අට, ඒවා නම් 1. සම්මාදිට්ඨිය - යහපත් දැක්ම කුමක් අරමුණුකරගෙනද යන්නනම් මේ දුක ඇතිවීමට හේතුව, නැතිවීමට හේතුව, මේදුක ඇතිවීම නැතිවීම නැවැත්වීමට හැකි මාර්ගයය පිළිබ`දව සත්‍යය දැන ගැනීම සම්මා දිට්ඨියයි. හේතුවක් නිසා හටගත් දුක පිළිබ`ද සත්‍යනම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වීමයි. 2. සම්මා සංකප්ප - යපහත් සිතුවිලි - අනුකම්පාව, කරුණාව, දයාව, මෛත‍්‍රිය, නිරහන්කාරකම, නම්‍යශීලී භාවය ඇතිකරගෙන ‘‘අත්තානං උපමංකත්වා’’ තමන් උපමාවට ගෙන සියලු ආශාවන්ට මුලානොවී සිතන යහපත් සිතුවිලිය. 3. සම්මා වාචා - යහපත් වචන, අප බුදුරජාණන් වහන්සේ දරුනු තිරිසන් සතුන් පවා මිනිසුන් යකුන් දමනය කලේද යහපත් වචන කතාකිරීමෙනුයි. බොරුකීම, පරුෂ වචනකීම, කේලම් කීම, හිස්වචන කථා කිරීම, මිත්‍යා වාචායැයි. 4. සම්මා කම්මන්ත - යහපත් ක‍්‍රියාවන් - යහපත් ක‍්‍රියාවන්නම් පන්සිල් පද පහ පොරොන්දු වීම අනුව රැකගැනීමයි. 5. සම්මා ආජීව - යහපත් දිවිපැවැත්ම - ජීවත්වීම ස`දහා උපයෝගීකර ගන්නා වැරදි ක‍්‍රියාවන් තුලින්, සොරකමින්, දූෂණයෙන්, වැරදි වෙළෙදාමින් (සතුන්, සතුන්ගේ මස්, අවිආයුධ, මත්ද්‍රව්‍ය) වැලකී සිටීමයි. 6. සම්මා වායාම - යහපත් උත්සහය මෙසේ උත්සහය වීර්්‍ය ගතයුත්තේ ඇති කුසල් රැකගැනිමටත්, නැති කුසල් ඇතිකර ගැනීමටත්, ඇති අකුසල් නැති කර ගැනීමටත්, නැති අකුසල් ඇතිවීමටත් ඉඩනොදී රැුකගැනීමටය. 7. සම්මා සතිය - යහපත් සිහිය - යහපත් සිහිය කුමක් අරමුණු කරගෙනද සතර සතිපට්ටානය පිළිබඳ අවබෝධය වෙනස් නොවී තබාගැනීමයි. (සතරනම් හතරයි. සතිනම් සිහියයි පට්ටානනම් පිහිටුවීමයි. කරුණු හතරක් පිළිබ`දව සිහිය පිහිටුවීම සතර සති පට්ටානයයි. I. කායානුපස්සනා - ශරීරය පිළිබ`ද සත්‍ය දැනගැනීම. II. වේදනානු පස්සනාව - කයට දැනෙන දැනීම් පිළිබ`දව සත්‍ය ගවේශණ කිරීම. III. ධම්මානු පස්සනාව - ඕනැම ක‍්‍රියාවක ස්වභාවය ප‍්‍රතිඵලය දැනගැනීම. IV. චින්තානු පස්සනාව - සිතෙහි උපදින සිතුවිලි වල නිවැරදිභාවය අවබෝධය කරගැනීම.* 8. සම්මා සමාධිය - යහපත් වූ සිතෙහි තැම්පත් ස්වභාවයයි. පංචකාම සම්පත්තියෙන් සිත මිදීමයි. මේ කරුණු අට සම්පූර්ණවන විට ඔබද ආර්්‍ය මාර්ගිකයෙකු වනු ඇත.
මෙතෙක් මාගේ දැනුමේ තරමින් බෞද්ධකම දැන බෞද්ධයෙකු වී බෞද්ධ පිළිවෙත් අනුගමනය කිරීමට පැහැදිලි කල ආකාරය සු`ඵවෙන් හෝ වටහාගත් බව සිතමි. බෞද්ධයෙකු වීමට වෙර දරන ඔබ මාර බාධක හදුනාගැනීමට මෙය සිහිතබා ගත යුතුය. දුර්ලබ මිනිසත් භාවය විනාශකරන ලෝභකම ඔබ සිතතුල ඇතිවුනේ මට පමණක් කියන ආශාව නිසයි. රාගය ඇතිවුනේද ඒ ආශාව නිසාය. ද්වේශය ඔබතුල වැඩුනේ මමත්වයට හිමි ආත්ම ගෞරවය වැඩිකර ගන්නයි. මෝහය ඔබසිතතුල වැඩුනේ සැප නියතයි කියන මුලාව පෝෂණය කරන්නයි. බෞද්ධයෙක් වීමේදී සිදුවන්නේ ලෝභ ද්වේශ මෝහ ඉවත්වීමයි. මේ ජයග‍්‍රහණය ඉතාම දුක්සහිතයි. වේදනාකාරී කටුකයි, බාධක අප‍්‍රමාණයි. මේ ජයග‍්‍රහණය ලබාගැනීමට වෙරදරන දා සිටම සතුරන් ඇතිවෙනවා ඒ සතුරන්නම් පෙර ආත්මභවවල සිටම ධර්මයට වෛරකරන අයයි. මේ ගමන යාමට, පෙර පිං බලය අවශ්‍යම බව සිහිතබාගන්න. ඒ සතුරන් පවුලේම ස්වාමියා, බිරිද දරුවන් සහෝදරයින්, අම්මා, තාත්තා වීමටද පු`ඵවන, එයට හේතුව පෙරකල අකුසල් බලය නිසා ධර්මයට වෛරකිරීමයි. පිටතින් ඇතිවන බාධාවලට වැඩිය පවුලේ ඇතිවන බාධා ඔබට විශාල වශයෙන් දැනෙන්නේ තමන්ගේ කමට ඇති බැදීම නිසාය. මෙසේ මේ අය සතුරන් වන්නේ බෞද්ධයෙකු වීමට ප‍්‍රථම ආශාවන් වලට වහල්වීම නිසා කල දෙයින් ප‍්‍රතිලාභ ලැබූ අයට ඔබට මුලාව තේරුන පසු මධ්‍යස්ථ වූනිසා එම ප‍්‍රතිලාභ නොලැබුණ නිසාය. එම නිසා බුදු දහමේ ස`දහන් වෙනවා විෂඝෝර සර්පයෙකුගේ වලිගයෙන් අල්ලාගත්සේ විය හැකිය දැන මේ ගමන ගියේ නැතිනම්, මාගේ මාතෘකාව වූයේද බෞද්ධකම දැන බෞද්ධයෙකු විය යුතු බවයි.
මේ වනතෙක් ලිපියට සිත යොමු කල ඔබ දැන් සිටින්නේ පටන්ගත්තු තැනද, කියවා අවසන් වූ තැනද, හොදයි අපි අවාර්ජනය කර බලමු දැනගත් දෙය, ප‍්‍රථමයෙන් අපට අවශ්‍ය වුනේ බෞද්ධකම තුලින් බෞද්ධයෙකු වීමේ මාර්ගය කියාදුන් ශාස්තෘවරයන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ කෙටියෙන් හදුනාගැනීමයි. ඉන්පසු උන්වහන්සේ විසින් දේශනාකරන ලද අසූහාරදාහක් අවවාද, අනුශාසනා ශ‍්‍රී සද්ධර්මය වශයෙන් දැනගත්තා, බෞද්ධයෙකු වීමට ප‍්‍රාථමික සුදුසුකම් වන ශ‍්‍රද්ධාවන්තයෙකු වන ආකාරයත්, ශ‍්‍රද්ධාවන්තයෙකු වී ධම්මානු ධම්ම ප‍්‍රතිපත්ති මාර්ගය වන ආර්්‍යාෂ්ඨාංගික මාර්ගයද දැනගන්තානේද, මේවන විට ඔබ මේ ලිපිය ශ‍්‍රද්ධාවෙන් කියෙව්වානම් සම්මා දිට්ඨිය පහලවී ඇත. හොද සිතුවිලි පහලවී ඇත, හොද වචන කියවා ඇත, දැන් ඔබට ඇත්තේ යහපත් ක‍්‍රියාතුලින් යහපත් ජීවිතයක් යහපත් උත්සහයක් තුලින් ගත කිරීම නේද ? ආර්්‍යාෂ්ඨාංගික මාර්ගයේ දොරටු 6 ක් විවෘතවූ වානේද? තව ඉතිරිවී ඇත්තේ දොරටු දෙකක් නොවේද ? හොද සිහියෙන් සමාධියට පැමිණීමයි. එය කලහැක්කේ සිත වැඞීමෙන්ය. සිත වැඞීම යනු භාවනාවයි. මාගේ දැනුමේ ප‍්‍රමාණයෙන් භාවනා ක‍්‍රම වන සමථ භාවනාවත්, විදර්ශනා භාවනාවත් කියාදී ඉතිරි දොරටු දෙකෙත් විවෘත කර දහම් පිපාසයෙන් වල්මත් වී සිටින අසරණ බෞද්ධයන්ට තේ හැන්දක ප‍්‍රමාණයකින්වත් දහම් පිපාසය සංසිදවීම මාගේ මතු බලාපොරොත්තුවයි. ඒ තුලින් සත්‍ය බුදුදහම ඉගෙන අවබෝධයෙන් අනුගමනය කරමින් නිමක් නොපෙනෙන සංසාරගමනෙන් මිදී බුදු පසේබුදු මහරහතුන් වැඩි මග ඔස්සේ උතුම් ශාන්ත සුවය නම් වූ නිර්වාණ මාර්ගය ශාක්සාත් කරගැනීමට ඔවුනට ප‍්‍රඥ්ඥාව පහළවේවායි සැදැහැ සිතින් ප‍්‍රාර්ථනා කරමි.
සෝමතිලක හෙට්ටිආරච්චි (විශ‍්‍රාමික නාවික හමුදා)
ධම්ම ගවේෂි පදනම (071 - 2385967 )
No comments:
Post a Comment