Friday, May 29, 2015

ආදරය ගැන හුඟ දෙනෙක් හිතන විදිහ

ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ... කොහෙන් කොහෙන් හරි ආදර හැඟුම් කලඑළි බහිනවා... මොකක්ද ඇත්තටම ඔය අර මුලින් කියපු අමුතුම ආකාරයේ හැඟීම
ඕනම පුද්ගලයෙක් ආදරවන්තයෙක් බවට පත්වෙන කොට ඒවන තුරු තමන් තුළ රැඳිලා තිබුණු බලා‍පොරොත්තු රහිත බව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ... දැන් ඉතින් දුකේදීත් සැපේදීත් ළඟින් ඉන්න, හිතවතෙක් එහෙමත් නැත්නම් හිතවතියක් ඉන්නවානෙ කියලත් හිතෙනවා. හිත බලා‍පොරොත්තු ප්‍රාර්ථනාවලින් පිරෙන කොට යමක් දිහාව කිසියම් සුන්දරත්වයකින් යුතුව බලන්නත් මග පෑදෙනවා. ඉස්සර වැඩ ඇරිලා තනියම ගෙදර යනකොට අඩුගානෙ වැහි වලාකුළක්වත් තියෙනවාද කියලා අහස දිහාව නොබලපු කට්ටිය ජෝඩු දාලා ගෙදර යනකොට... අනේ බලන්නකො අහස දිහාව අද හරිම ලස්සනයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඔයා අකමැති වෙයි කියලා හිතලා මං අද අර තද නිල් පාට සාරිය අඳින්නත් හදලා ඇන්දෙ නෑ.., කොළ පාටට වැඩිය ආසයි කියලා මතකද දවසක් ඔයා මට කිව්වා... මං ඒකමයි මේ
ෂර්ට් එක ගත්තේ... ඔන්න ඔය විදියට කරන කියන දේවලින් එයා තමන්ගෙ සිතැඟි තේරුම් ගන්න බවක් පැහැදිලිවම පේනකොට හිතට අමුතුම ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඔය කියපු හැමදේකම එකතුවක් හැටියට තමයි අර අමුතුම ආකාරයේ හැඟීම අපට හඳුන්වන්න වෙන්නෙ.
මොහොතකට හරි තමන්ගෙ හිතවතිය තරහා වුණහම ආදරවන්තයෙකුට ඒක දරාගන්න ටිකක් අමාරුයි.
කාට කාටත් ඉඳලා හිටලා ‍පොඩි ‍පොඩි අප්සට්වලට මුහුණ දෙන්න වෙනවා. ඕවා ඒතරම් ගණන් ගන්න දේවල් නමෛයි. කොහොම වුණත් තමන්ගෙ හිතවතියක් එක්ක නොහොඳ නෝක්කාඩුවක් ඇතිකර ගත්තහම නම් ඉතින් හිතට ටිකක් අමාරුයි තමයි. ඔය වෙලාවට කොච්චර වැඩකාරයෙක්ගෙ වුණත් හිතේ පුංචි බයක් හරි ඇතිවෙනවා. ඒ පාර ඉතින් වැඩක් පලක් කරගන්නත් බෑ. කියපු දේට හිත රිදුනද... ආයෙම හම්බ වුණොත් හිනා වෙලා කතා කරයිද..? එහෙමත් නැත්නම් ඔරවයිද? ඔය වගේ දාහක් ප්‍රශ්න ඇයි මොකද මචං අප්සට් එකක්ද? කියලා ඔය අතරෙ තවත් කවුරුහරි ඇහැව්වොත් වැඩේ තවත් වන වෙනවා. අනම් මනම් පණ්ඩිත වාක්‍ය කියන්න යන් නැතුව ෂේප් එකේ හිටියා නම් මේ කිසි කරදරයක් නැහැනෙ කියලා හිතෙනවා.
සිතුවිලිවලට තමන් වහල් වෙලා ඉන්න බවක් පෙන්නන්න පිරිමි ඒතරම් කැමති නෑ...
තමන්, තමන්ගෙ පෙම්වතියට ආදරේ කරනවාට වඩා පෙම්වතිය තමන්ට ආදරේ කියලා දැනගන්න හැම ආදරවන්තයෙකුටම වුවමනායි. ඒ වුණාට ඒ බව කෙළින්ම අහන්නත් හුඟදෙනෙක් කැමති නෑ... එහෙන් මෙහෙන් වචන දාලා කොහොම හරි ඒ බව දැනගන්න නම් කට්ටිය බොහොම දස්සයි. ආදර සබඳතාවයක සම්පූර්ණ පාලන කටයුතු තමන් අතට ගන්න පුළුවන් වෙනවා දකින්න හැම පිරිමියෙකුම වගේ ආසයි. ගැහැනියක් හුඟක් වෙලාවට ආදරයක් තුළින් බලා‍පොරොත්තු වෙන්නෙ ආරක්ෂාව, ආදරය වගේ දේවල්. කාන්තාවක් සමහරක් වෙලාවට තවත් කෙනෙකුට සමීප වෙන්නෙත් මේ දේවල් හින්දමය කියලා කිව්වොත් වැරදි නෑ. අන්න ඒ වගේ අවස්ථාවලින් ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන පිරිමි උදවිය ඒ ඔස්සේ ගැහැනිය තමන්ගේ සිතුවිලිවලට අනුකූලව පාලනය කරන්න උත්සාහ කරනවා දකින්න පුළුවන්. සමහරක් වෙලාවට අ‍පෝ මෑන් මහ ලෙඩ ගොඩක්නෙ... මිනිහා එක්ක ඒතරම් කතාබහ කරන්න යන්න එපා... වගේ දේවල් කෙනෙකු අතින් කියැවෙන්නෙ මුලින් කියපු සංසිද්ධියෙම අතුරු ඵලයක් හැටියට තමයි. මේ හැමදෙයක්ම වෙන්න හේතුව තමන් සිතුවිලිවලට වහල් වෙලා ඉන්න හින්දය කියලා ටිකක් දුරට හිතුවොත් තේරුම් ගන්න අමාරුවෙන එකක් නැහැ.
ආදරයෙන් පරාජය ලබනවා කියන්නේ හරිම වේදනාකාරී අත්දැකීමකට.
ආදරය කරපු කෙනෙක් තමන් වෙතින් ඉවත්වෙලා ගියහම කෙනෙකුට ඇතිවන හැඟීම් වේදනාකාරී බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආදරයෙන් පරාජය ලැබුවකුට හැමතිස්සෙම හිතෙන්නෙ සමාජය තමන්ව මගහරින්නට එහෙමත් නැත්නම් හුදකලා කරන්න මාන බලනවා කියලයි. හිතට දුකයි තමයි ඉතින්. ඒත් ඒ දුක සදාකාලික වේදනාවක් කරගන්න එක නම් ඒ තරම් අනුමත කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට... ආදරේ කළ හිතින් තවත් කෙනෙකුට ආදරේ කරන්න මට බෑ කියලා පරාජිත ආදරවන්තයෙක් තවත් කෙනෙකුට කියන්නට පෙළඹෙන බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්.
ආදරය ගැන හුඟ දෙනෙක් හිතන විදිහ හරිද?
ජීවිතේ එක්තරා කාලයකදී නම් හිතෙන්නෙම කෙනෙකුව දැක්ක ගමන් හිතේ ඇතිවන හැඟීම ආදරය කියලයි. ඒත් ආදරය කියන්නේ ඊට වඩා පුළුල් ගැඹුරු දෙයකටයි කියල කාලයක් යනකොට කෙනෙකුට තේරුම් යනවා. මිත්‍රත්වය, ආරක්ෂාව අනේ‍යා්න්‍ය අවබෝධය වගේ වචන කිහිපයකම එකතුවක් හැටියටයි ආදරය අපට හඳුන්වන්න වෙන්නෙ. මම මගේ පෙම්වතාට එහෙමත් නැත්නම් පෙම්වතියට ආදරෙයි... ඇයත් ඔහුත් ඒ වගේම මටත් පෙරලා ආදරය කරනවාය කියන මෙන්න මේ හැඟීම කෙනෙකුගේ ඇතුලාන්තය තුළින් නැගී එන්නට පටන් ගන්න කොටයි හැබෑ ආදරයක් ගොඩනැගෙන්න පටන් ගන්නෙ.
විවාහයෙන් පස්සෙ කෙනෙකු තුළ තිබෙන ආදරණීය බව ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යනවා කියන්නෙ ඇත්තක්ද?
වයසින් මුහුකුරා යනකොට කාටවත් ඉස්කෝලෙ ගිය දවස්වල වගේ නිවී හැනහිල්ලෙ ආදරය කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. ඒ දවස්වල මතක සටහන් මුළු ජීවිත කාලය පුරාවට වගේ කෙනෙක් තුළ රැඳිල තියෙනවා. අනික දවසින් දවසම අපිට ඉටුකරන්න තියෙන රාජකාරී හා වෙනත් වගකීම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙත් නැහැනෙ. වගකීම් වැඩිවෙනකොට නිදහස ටිකක් හරි අඩුවෙනවා. විවාහ වෙන්න ඉස්සර වෙන කරන්න කියල ඒ හැටි දෙයක් තිබුණෙ නැති හින්දා හිතුණ හිතුණ වෙලාවට   එහෙ මෙහේ ඇවිදින්න යන්න චිත්‍රපටයක් බලන්න යන්න ඕන තරම් වෙලාව තියෙන්න ඇති. ඒත්... විවාහයකින් පස්සෙ අර මුලින් කියපු පරණ පුරුදු විදිහටම ජීවත් වෙන්න ටිකක් අමාරු බව ඕනම කෙනෙකුට වටහා ගන්න අපහසු නැහැ. තවත් කෙනෙකුට යම් යම් හේතු නිසා තමන්ට කවදාවත්ම ආදරය කරන්න බැරි ජාතියේ කෙනෙකු එක්ක විවාහ වෙන්න සිද්ධවෙන්න පුළුවන්.  ඔන්න ඔහෙ කොහොම හරි ජීවත් වෙනවා කියා හැඟීමක් ඇරෙන්න ඒ වගේ කෙනෙකුගේ හිතේ තමන්ගෙ බිරිඳ එහෙමත් නැත්නම් සැමියා ගැන ආදරයක් ඇතිවෙන්න තියෙන ඉඩ අඩුයි. අනික පහුගිය දේවල් අමතකම කරල ජීවත් වෙන්නත් බැහැ. මොකෝ මැරිල ඉපදුනායැ. හිතට වැඩියක්ම වේදනාවක් දැනෙන්නෙ පසුගිය දේවල් ආයෙ ආයෙ මතක් වෙන්න පටන් ගන්නකොට තමයි. ඉතින් ඒ වගේ මානසිකත්වයක ඉන්න කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් බලා‍පොරොත්තු වෙන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්නෙකට ඉතින් විසඳුම් හොයන්න වෙන්නෙ සාකච්ඡාවෙන් සම්මුතියෙන්ම තමයි.

Wednesday, May 27, 2015

ඉන්ද්‍රියන් පිනවීම සඳහා සිතෙහි ඇතිවන ආශාව

මේ ලෝකයේ පණ ඇති පණ නැති දේ පිළිබඳව සිතෙහි ඇතිවන සංකල්පය (බැඳීම ඇලීම) ආශාවයි. බුදු දහම අනුව සෑම උපතක්ම සිදුවන්නේ ආශාව නිසාය. එම සංකල්පය තමාගේ රුචිය අනුව සිදුවේ. කෙනෙකු ඇසින් දැක විඳීමටත්, කනෙන් අසා විඳීමටත්, නාසයෙන් ආග‍්‍රහණය කර විඳීමටත්, දිවෙන් රස සොයා විඳීමටත්, ස්පර්ශය වීමෙන් පහස විඳීමත් සිතෙහි උපදින සංකල්පය මුල්කරගෙන සිදුවේ. වි`දීම ආශාවවේ. මේ වි`දීමෙන් සිදුවන්නේ තෘප්තියක් ලැබීම පමණි. වි`දීම අවසන් වූවිට තෘප්තිය අතුරුදහන් වීම ස්වභාවයකි. කෙනෙකුට ආශාවක් ඇතිවන්නේ කුමක් නිසාද ? ඇස නිසා දකින දෙය පිළිබඳව ආශාව ඇති වේ. කන නිසා ඇසීමෙනුත් නාසන නිසා සුවද දැනීමෙනුත්, දිව නිසා රස දැනීමෙනුත් ස්පර්ශය නිසා පහස ලැබීමෙනුත් ආශාව ඇතිවේ. ඉන්ද්‍රියන් පහ පිනවීම සඳහා සිතෙහි ඇතිවන සංකල්පය ආශාවයි මෙය සිතෙහි දියුණුව අනුව පවපින වශයෙන් සංකල්පය ගොඩනැගෙයි. යමෙකු සතුන් මැරීමට ආශා කරයි, වෙනකෙනෙකුගේ දෙයක් සොරකම් කිරීමට ආශාකරයි, වැරදි කාම සේවනයේ යෙදීමට ආශාකරයි, කෙනෙකු බොරු කියා මුලාවේ දමා සතුටුවීමට ආශාකරයි, මත්පැන් පානය කර විකෘති මානසිකත්වයකින් සිටීමට ආශාකරයි. මේවා අකුල්සල් රැුස්වෙන පවට බර ආශාවන්ය. තවකෙකු පින් දහම් කිරීමට දන්දීමට සිල් ගැනීමට පන්සල් යාමට ආශාකරයි. මෙය ආමිස පූජා වශයෙන් කලහොත් පින අත්පත් කරගැනීමට හැකිඋවත් කුසලයක් රැුස් වන්නේ නැත. ඊට හේතුව ආශාව මුල්කරගෙන සිදුවන නිසාය. පවටත් පිනටත් දෙකටම ඇතිවන ආශාව නිසා පවේදී සතර අපායේ දුක් වි`දීමටත් පින නිසා ආයුෂ, වර්ණ, සැප, බලය ලැබී උපතක් ලැබීමටත් සිදුවන බව සදහන් කරමි. අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ නිවන් මාර්ගයේ යාමට කටයුතු කිරීමයි.
නමුත් නිවන් මගෙහි යාමට ප‍්‍රධාන බාධාවක් වන්නේ ආශාවයි. නිවනට බාධාව ආශාවනම් එය මගහරවා ගැනීමට ආශාව හදුනාගත යුතුය. මොකක්ද මේ ආශාව කුමකටද මේ ආශාව කියා බලමු. ඇස නිසා අපි දකින රූපය දිහා බලමු. අපි මේ රූපය ලස්සනට තියාගන්න කොපමණ ආශාකරනද නොවටිනා මිල ගනන් වලට රෙදිපිලි අරගෙන මේ ශරීරය හැඩගන්වනවාද, රූපලාවන්‍ය මධ්‍යස්ථාන හැමතැනම, මේ මධ්‍යස්ථාන වලට ගොස් මුදල් වියදම් කර රූපය වෙනස් කරනවද නමුත් මේ රූපය මැරෙනතෙක් එකම විදිහට වෙනස් නොවී තබා ගැනීමට පුළුවන්ද ළමා කාලයේ තිබෙන රූපයද, තරුණ කාලයේ තියෙන්නේ, තරුණ කාලයේ රූපයද තරුණියක් නම් විවාහ වෙලා ළමයෙක් දෙන්නෙක් ඉපදුනාම මැදිවියේදී තිබෙන්නේ මැදිවියේදී තිබූ රූපයද දත්වැටිලා හම රැලිවැටී හකු ඇතුලට ගිහින් ඇස් පෙනෙන්නේ නැති මහලූ වියේදී තිබෙන්නේ සොභාවය මෙසේ වුවත් මෙය පිලිනොගෙන මහලූවිය තරුණ විදිහට තබාගන්න වෙරදරන අය නැතිද, ස්වභාව ධර්මය වෙනස් කිරමට උපයෝගී කරගන්නා රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා මරනය ඉක්මන් කරගත් අය නැතිද, මේ සිදුවන්නේ සිතෙහි ඇතිවන, ‘‘තරුණ වියයුතුයි,’’ කියන ආශාව නිසා නේද, ඔබ ඇසෙන් දකින රූපයෙහි වටිනාකම මොකක්ද ? නව දොරකින් හැම මොහොතේම ජරාව ගලන රූපයක් බව සිහෙති ඇතිවුන ආශාව නිසා අමතක වුන බව සිතන්න. නින්දෙන් පසු උදේට අවදිවී කබ, සොටු, කලාදුරු, ගද ගහන කට, මුත‍්‍රා, අසූචි සුවද සබන් දමා පිරිසිදු කරගෙන දහස් ගනන් වටිනා ඇදුම් ඇදගෙන සුවද විලවුන් දමාගෙන ගියත් පැය ගණනකදී දොරටු නමය අතගා බලන්න. පිරිසිදු කිරීමට ප‍්‍රථම තිබූ ගදම ඔබට දැනේවි. මෙසේ වෙනවානම් පැය ගණනක් මහන්සිවී ආශාවෙන් පිරිසිදු කල ශරීරය ලස්සන වටිනා එකක්ද, බව නොතේරෙන්නේ ඇසෙන් දුටු දේ මායාවක් කියා නොතේරෙන්නේ ආශාව නිසා ඔබව මුලාවේ දමා ඇති නිසාය. කෙස්, හම්, මස්, නහර, ඇට, බඩවැල්, සෙමසොටු, කබ, අසූචි, මුත‍්‍රා වැනි කොටස් 32 කින් වටවූ හම් මල්ලකට නොවටිනා කමක් දෙන්නේ ඇසයි, රූපයයි, සිතයි ඇතිකල ආශාව නිසා නොවේද.
ඊලගට දිව බලාපොරොත්තු වන ආශාව බලමු, දිව හැමතිස්සේම බලාපොරොත්තු වන්නේ රසයි. දිවට ඇතිවන රසයෙන් අප ලබන්නේ විදීමක් නොවේද, දිවට දැනෙන රස පවතින්නේ එය දිව මතුපිට තිබෙන කම් පමණයි බව අප සිතනවාද, ලෝකයේ කුමන සුපිරි ගණයේ හෝටලයකින් දහස් ගණන් වියදම් කර කෑවත් හපල හපල උගුරෙන් පල්ලෙහාට ගිය කෑම ටිකක් වමාරා නැවත එය කෑමට පුලූවන්ද, ඒ රසය නැතිවෙලා යනවා නේද ? මොන විදිහේ ආහාර ගත්තත් ආහාර ගැනීමේ පරමාර්ථය කුසගින්න නිවීම නේද ? බතුයි සම්බෝලයි බඩපිරෙන්ඩ කාපු වෙලාවක තරු පහේ හෝටලයකින් කෑම ගෙනාවත් කෑමට අකමැති වෙන්නේ ගින්න නිවී ඇති නිසායි.  එසේ නම් අපි රස සොයා යෑමට යන්නේ කුසගින්න නිවීමටද, දිව පිනවීමටද. මොනදේ කෑවත් පසුදා උදේට වටිනාකමක් තිබේද. මෙයද සිතේ හටගන්නා ‘‘මීට වැඩිය ඒක හොදයි’’ කියන සංකල්පය ආශාව නෙමේද ? නාසයට දැනෙන සුවද ද කනට ඇසෙන ශබ්දයද ටික වේලාවක් යනවිට ඇති වන වා නේද නාසයට දැනුන සුවද වඩා ගදක් ආවොත් සුවද නැතිවෙනවා නේද ? නාසය දුන් සුවදට ආශාව ඇතිවන්නේ සිතේ ඇතිවුන ආශාව නිසාය. කනට ඇසෙන මිහිරි ශබ්ද වලට නොකඩවා සවන්දීගෙන සිටිය හැකිද ? එයින් ලබන තෘප්තිය ඇතිවූ විට අත්හරින්නේ නැතිද ? කුමන හෝ ආශාවකින් සවන්දීගෙන සිටියත් තෘප්තිය අවසන්වූ පසු අතහැරෙනවාමය. ස්පර්ශයද මෙසේය කුමන විදිහේ සුන්දර පහසක් ලැබුවත් එහි වටිනාකම අඩුවූවිට ඉබේම සිතෙහි උපදින සංකල්පය මත දුරස්වෙනවාය. උදාහරණයක් වශයෙන් තරුණ යුවලක් විවාහ ගිවිසගත් මුල් කාලයේදී තිබුන ස්පර්ශය තුලින් ලැබූ සුන්දරයැයි සිතූ පහස අවුරුදු කීපයකින් විනාශ වී අඩදබර වන්නේ ස්පර්ශය නිසා ලැබූ පහස ආශාවෙන් මිදුන නිසානේද? සියල්ල මෙසේ සිදුවනවානම් මේ ආශාව මායාවක් නොවේද ? නොවටිනා දෙයකට වටිනාකමක් දීමනේද අවසානයේ සිදුවන්නේ කුමක්ද ආශාකල සිය`ඵදේ අපට අහිමිවීම නේද ? මේ අහිමිවීම මරණයට පෙර තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට, පෙර පිනක් මතුවූයේ නැතිනම් ජීවත්වන කාලයතුලම පංචකාම සම්පත්තියේ ගිලී සිට මිය ගියහොත් කුමක් සිදුවේවිද ? ලබන භවය කුමන ආත්මයක් ලැබේවිද කිව හැකිද ? මේ ආත්මයේ පව්නොකලත්, පෙරකුමන හෝ භවයක කලකීදේ ඵලදීමට ඉඩ වැඩිය. අනවබෝධයෙන් කාලය ගෙවීම එහි ප‍්‍රතිඵලයයි. ඔබම ආපසුහැරී බලන්න. ඉදුරන් පිනවමින් සැපසේ ගෙවූ කාලය සැපයක්ද දුකක්ද යනබව සැපයක් බව සිතෙන්නේ වි`දිනකම්ය. වි`දීම ලබන්න බැරිවූ කාලයක ඇතිවන්නේ දුකක්ය. නමුත් අවබෝධකරගෙන සැපවිදිනවා නම් බැරිවූ කලට දුකක් ඇතිවන්නේ නැත්තේ මෙසේ සිදුවන බව බලාපොරොත්තුව සිටි නිසා වියහැක. නමුත් ආශාව කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි කෙනාට එයින් සිදුවන විපාකය නොතේරෙන්නේ ලබන තෘප්තියට ඇති ආශාවෙන් අන්ධවීම නිසාය. බෞද්ධ යන තේරුම වන්නේ අවබෝධකරගත්, බුද්ධිමත්, දැනගත් යන්නය. බෞද්ධයා යැයි කියන්නේ අවබෝධකරගත් දැනගත් බුද්ධිමතාටය. මොහු කුමන ආගමක හෝ වියහැක. එනිසයි අප අමා මෑණී බුදුපියානෝ සිය`ඵ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මය සොයා ප‍්‍රත්‍යක්ෂ්‍ය කරගන්නේ, පව් නොකලාට බෞද්ධයකු වන්නේ නැත. පින්කලාටද බෞද්ධයකු වන්නේ නැත. බුදුන්දේශනා කල ධර්මය තමන්ට හැකි පමනින් අවබෝධකරගෙන ප‍්‍රතිපත්තියෙන්ම ප‍්‍රායෝගික කිරීමෙන් බෞද්ධයකු විය හැකි බව සිතන්න. බෞද්ධ ගමන මෙසේ සිදුවනවානම් මෙතෙක් ඔබකර ඇත්තේ පව්ද, පින්ද, කුසල්ද යන වග බුද්ධිමත්ව හිතන්න. ‘‘සබ්බ පාපස්ස අඛරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානු සාසනං’’ සියලූ බුදුවරුන්ගේ අනුශාසනාව වූයේ පාපයෙන් මිදී සිත දමනය කර කුසල් වඩන්න කියාය. එසේනම් අප මෙතෙක් ආශාවෙන් කර ඇත්තේ පව්ද ? පින්ද ? කුසල්ද ? ආශාවෙන් කළ සෑම දෙයක්ම නිවනට බාධාවක්මය. බාධාව මගහැරගෙන නිවන් මග පසක් කරගන්නේ කෙසේද ?
අප ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ දීපංකර බුදු පාමුලදී රහත්වී පිරිනිවන් පෑමට අවස්ථාව තිබියදීත් එය කලකට ප‍්‍රමාදකොට සාරා සංඛකල්ප ලක්ෂයක් බෝසත් ආත්මවල දුක් වින්දේ තමන්ගේ සුඛ විහරණය සඳහා පමණක් නොව. මමද මේ දුකෙන් මිදී සියලූ සත්වයින්ම දුකෙන් මුදවා ගන්නවා යැයි සිතාය. බුදු දහම ප‍්‍රතිපත්තියෙන්ම අනුගමනය කරන්නා සසර දුකෙන් එතෙරවනබව උදාහරණ සහිතව දේශනා කර ඇත. මේ සංසාර ගමන නිසා ඇතිවන විදින දුක අප බුදුන් දැක ප‍්‍රත්‍යක්ෂ්‍ය කොටගත් නිසා සිය`ඵ සත්වයා කෙරෙහි ඇතිවූ අනුකම්පාව නිසා නිර්ලෝභීව සත්‍ය දේශනා කළහ. මේ සසර දුකට ප‍්‍රධානම හේතුව වූයේ ඉපදීම බව කියාදුන්හ.  පසුව ඉපදීමට හේතුව ආශාව (තන්හාව) බව සැක දුරුවන ආකාරයට උදාහරණ සහිතව දේශනා කළේය. ඉන්පසුව මේ දුක කියන්නේ මොකක්ද ? ඇත්වෙන්නේ කොහොමද නැති කරගන්නේ කොහොමද, ඒ ස`දහා අප අනුගමනය කලයුතු අකාරය වන දුකෙන් මිදීමේ සත්‍ය කරුණු හතර චතුරාර්්‍ය සත්‍ය වශයෙන් පැහැදිලි කලහ. මෙසේ දේශනා කල සත්‍ය හතර අවබෝධ කරගැනීමට නම් පිලිපැදිය යුතු කරුණු අටක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් ඒ අනුව පිලිවෙත් රැුකිය යුතු බවත් කියා දුන්හ. අප බුදුන් වහන්සේ බෝසත් ආත්මවල කියා නිම නොකල හැකි දුකක් වි`ද සොයාදුන් සත්‍ය ධර්මය තිබියදී බෞද්ධයන් යැයි කියන අය කරන්නේ කුමක්ද ? කලයුත්තේ කුමක්ද ? අනේ අපේ අසරණ බෞද්ධයන් අතරමංවෙලාද අතරමංකරලාද, මට හිතෙන්නේ දහම් පිපාසයෙන් සිටින අසරණයින්ගේ දුර්වලකම් හේතුකොටගෙන කලයුතු දෙය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාදී තිබියදී නොකල යුතු දෙයට වටිනාකමක් ප‍්‍රසිද්ධියක් දී බෞද්ධයින්ගේ සංසාර ගමන තවත් දික්කර අතරමං කර ඇති බවයි. මේ සියල්ල සිදුකරනවා නොව තමන් විසින් සිදුකරගන්නා බව කිව යුතුය, හේතුව නම් සිතෙහි ඇතිවූ ආශාවේ සංකල්පය විපාකය අවබෝධ කරගැනීමට අපොසත් වූ නිසාය. මෙසේ වන ඔබ බුද්ධිමතෙකුදු බෞද්ධයෙකුදු නොවන බවත්, නාමික බෞද්ධයකු වී සිදුවන භයානක විපාකයත් දැන අවබෝධ කරගෙන දුර්ලභව ලැබූ මේ මිනිස් භවයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලින් චතුර්යා සත්‍ය අවබෝධ කරගෙන බෞද්ධයකු වීමටත් ඔහුගේ හෝ ඇයගේ එකම ඉලක්කය පරමාර්ථය වන නිර්වානය ශාක්ෂාත් කරගැනීමට කටයුතු අප‍්‍රමාදීව කරගන්නා ලෙස ශාසනලැදිව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි!
තොරතුරු අන්තර් ජාලය ඇසුරිනි

 

............මම දර්ශන කොඩිතුවක්කු..........