“අපි අඩියක් තියලා යද්දි වැටුණොත් තමයි ඊළඟ වතාවේ
වැටෙන්නෙ නැතුව අඩියක් තියන්න පුරුදු වෙන්නේ. ජීවිතයේ
සිදුවූ හැලහැප්පීම් ජීවිතයට පාඩමක් කරගෙන ඒ තුළින් ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න තමයි මම කැමති.අතීතය කියන්නේ අතීතයක්.
ඒ අතීතය ගැන කතා කරන්නවත් මම කැමති නැහැ.”
“මටත් කියන්න තියෙන්නේ අතීතය අතීතයක් විතරයි කියලා. ඒ අතීතය ගැන කතා කරන්න මම කැමති නැහැ. මගෙ ජීවිතය දිහා බැලුවම පෙනෙනවා ජීවිතය ගඟක් කියන කතාව කොයි තරම් ඇත්තද කියලා. මම සතුටු වුණු කාලවකවානු තිබුණා. දුක්වුණු අවස්ථා තිබුණා. ජීවිතය සාර්ථක කර ගත් තැන් වගේම අන්තයටම වැටුණු තැන් තිබුණා. ඒ හැමදේම මගෙ ජීවිතයට පාඩමක් කරගෙන ඒ තුළින් ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න තමයි මම හිතන්නේ.”
ආදරයෙන් බැඳෙන ආදර වන්තයින් , විවාහප්රාප්තවන අඹු සැමියන් වෙන්වී යන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ බැඳීම් බිඳුණට පස්සේ ඒ අය අතර කිසිම නෑදෑකමක් නැහැ. ඒ වුණත් මව් පියවරු හා දරුවන් අතර තිබෙන බැඳීම ඒ වගේ නමෛයි. ඒ බැඳීම සදාකාලිකයි.
“මමයි මගේ දරු දෙදෙනයි අතර තියෙන බැඳීම වෙනස් කරන්නවත් වෙන් කරන්නවත් කාටවත් බැහැ. ඒක හැමදාම ඒ විදියටම තියෙනවා. ඒ දරුවො මගෙ ළඟ නැතත්
මම ඒ අය ගැන හොයා බලනවා.
දරුවන් දිහා ද්වේෂයෙන් බලන්නෙ නැහැ. ඒ දරුවන්ට මගෙන් වියයුතු යුතුකමක් මට අමතක වුනොත්
ඒය තමයි මතක් කරල දෙන්නේ.”
“ මගේ ජීවිතේ සම්පූර්ණ වෙලා කියලා මට හිතෙනවා. දැන් මට ජීවිතයේ නිශ්චිත ඉලක්කයක් තියෙනවා. මට දැන් ජීවිතයේ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම හිතෙනවා.”
අපේ ජීවිතයට ඒ අයගේ ආශිර්වාදය තියෙනවා.
“ මගේ ජීවිතේ සම්පූර්ණ වෙලා කියලා මට හිතෙනවා. දැන් මට ජීවිතයේ නිශ්චිත ඉලක්කයක් තියෙනවා. මට දැන් ජීවිතයේ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම හිතෙනවා.”
අපේ ජීවිතයට ඒ අයගේ ආශිර්වාදය තියෙනවා.
No comments:
Post a Comment