මේ මිහිපිට ජීවත්වන සුවිශේෂී පුද්ගලයෙකුව හමුවන්නට මම පසුගිය සතියේ වාසනාවන්ත වුණෙමි. නිර්මාණකරුවෙක් වගේම ලේඛකයෙක් වන ඔහු නමින් ගන්ටර් පවුලිය. පසුගියදා නිකුත් වුණු ඔහුගේ අලූත්ම පොත ‘බ්ලූ ප්ලැනට්‘ සියලූම දෙනා කියවිය යුතුම පොතක් බව මගේ හැඟීමයි. යහපත් ආර්ථිකයක් ගොඩනගාගන්නා ආකාරය ඔහු එහි හොඳින් විස්තර කර තිබෙන අතර උදාහරණයක් ලෙස ඔහුම නිර්මාණය කළ සූර්යාලෝකයෙන් බලය උකහාගන්නා විශේෂ උඳුනකින් පාන් පුළුස්සා කුසගිනි නිවාගන්නා අයුරු ඔහු ජොහැන්සන්බර්ග් නගරයේ ජනතාවට කියා දුන් ආකාරය ගැන තිබෙන සඳහන පෙන්වා දෙන්න පිළිවන.
ඔහුගේ මෝටර් රථය පණගැන්වෙන බව පැවසෙන්නේ පයින් ගස්වලින් ලබාගන්නා විශේෂ රෙසීනයකින් නිපදවා ගැනෙන ටර්පන්ටයින් වලිනි.ඔහුගේ බ්ලූ ප්ලැනට් පොත සැළකුවොත් එහි පිටු සකස් කර තිබෙන්නේ ඉවත ලන ගල් කුඩු යොදාගැනීමෙනි.චීනය මෙම තාක්ෂණය දැනටමත් ඔහුගෙන් මිලදී ගෙන අවසන්ය.චීනය කඩදාසි නිපදවීමට වසරකට ගස් වර්ග ලක්ෂ 250 ක් පමණ කපා හෙළන අතර නමුත් දැන් මේ තාක්ෂණයේ පිහිටෙන් එම ගහකොළ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරන්න චීනයට අවස්ථාව හිමිය.පවුලි හදුන්වාදී තිබෙන කාර්යක්ෂම බිම්මල් වගා ක‍්‍රමයකට පින්සිදුවන්නට රටවල් කිහිපයකම ආර්ථිකය පත්වී ඇත්තේ දියුණුවෙන් දියුණුවටය.මේ සියලූ තොරතුරු ඔහුගේ බ්ලූ ප්ලැනට් පොතෙහි අන්තර්ගතය.මා මෙය මිලදී ගත්තේ මාගේ දරුවන් වෙනුවෙනි.නමුත් එයින් මා උගත් දේ බොහෝමයකි.
මිනිසාගේ කුරිරුකම් හමුවේ විනාශව යමින් තිබෙන පෘථිවිය බේරාගැනීමට තාක්ෂණික උපක‍්‍රමයන් භාවිතයට ගැනීම වැදගත්ය.පෘථිවියේ පැවැත්මට එල්ලව තිබෙන මහත්ම තර්ජනය වනුයේ ආහාර අර්බුදයයි.එය මැඩලීමට තාක්ෂණය යොදාගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
ඔබ මස් සදහා කුකුලෙකු ඇතිකරනවාය සිතමු.එම සතා නියම තරමට වර්ධනය කරවාගන්නට ඔබට ශක්තිය,කාලය හා මුදල් යන මේ සියල්ල වැය කළ යුතුවේ. නමුත් අවසානයේ ඔබ ප‍්‍රයෝජනයට ගන්නේ හොට,පිහාටු,ඇස්,ඇට ඉවත් කළ පසු ඉතිරිවන මාංශ කොටස පමණකි.එසේනම් ඉතිරි කොටස් සියල්ල වර්ධනය කරවන්නට ඔබ වියදම් කළ ශ‍්‍රමය,ධනය හා කාලය අපතේ ගොස් ඇතුවා නොවේද? එසේ නොකර ආහාර සදහා අවශ්‍ය මාංශ කොටස පමණක් වර්ධනය කරගන්නට හැකිනම් කෙතරම් අගනේද?
මාංශ වර්ග නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා මිනිසාට,පරිසරයට වෙනකක් තියා සතුන්ගේ සුභසාධනයට සිදුකරන අවැඩ නම් බොහෝය.වැඩිපුර මාංශ වර්ග අනුභවයට ගැනීම යනු සිරුරේ මේදය වැඩිවී ලෙඩ රෝග වලට අතවැනීමකි,මාංශ වල තිබෙන ඇතැම් රසායනයන් ආසාත්මිකතා ඇති කිරීමේ සමත්ය,බැක්ටීරියා මර්දනයට යැයි කියමින් සතුන් ඉලක්ක කර කි‍්‍රයාත්මක කෙරෙන ප‍්‍රතිශක්තීකරණ වැඩහටහන් වලින් බොහෝ විට සිදුවන්නේ ආරක්ෂාවට ලබාදෙන රසායනයන්ට මුහුණදිය හැකිවන පරිදි බැක්ටීරියා හැඩගැසීමය.මෙම සතුන්ට ආහාර හා ජලය ලබාදීම සිදුවන්නේ අකාර්යක්ෂමවය.මෙනිසා සිදුවන සම්පත් හානිය මෙතෙකැයි කියා කිව නොහැකිය.සතුන්ගේ මල හා බහිස‍්‍රාව්‍ය අපද්‍රව්‍යයන් නිසා අනෙක් පසින් පස,වාතය හා ජලය යන තුනම එකසේ දුූෂණය වේ.මස් පිණිස වර්ධනය කෙරෙන සතුන්ට ඔවුන්ගේ හිමිකරුවන් අතිඅමානුෂික ආකාරයෙන් සැළකීම දැන් සාමාන්‍යකරණය වී ඇත.තත්ත්වය බරපතලය.මේ ගැටලූ දැන් නොසළකා සිටිය නොහැකිය.මස් පරිභෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස සිරුරේ මේදය අධික වීමෙන් හෘදරෝග වැළදීමෙන් මිනිසුන් මිය යමින් සිටී.අනෙක් පසින් මස් මත වර්ධනය වන සැලමොනෙලා,කැම්ප්ලියෝබැක්ටර්,ඊ කොලයි, ඒවියන් ඉන්ෆ්ලූවෙන්සා,බොවින් ස්පොන්ජිෆෝර්ම් එන්සෙපලොපති වැනි ක්්ෂුද්‍ර ජීවීන් නිසා ගෙවුනු කාලයේ අහිමිවූ මිනිස් ජීවිත ප‍්‍රමාණය ලක්ෂ ගණනකි.
ශාඛයකින් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්නවාට වඩා මාංශයකින් පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම වෙහෙසකර කටයුත්තකි.මස් පිණිස ඇතිකරන සත්ත්වයාගේ සිටම සැළකුවහොත් එම සත්ත්වයාට ආහාර,ජලය,ඖෂධ ආදිය දිගින් දිගටම ලබාදිය යුතු අතර වැඩුණු පසු ප‍්‍රවාහනයට,ඝාතනය කිරීමට,මස් කොටස් වෙන්කර ගැනීමට,එම වෙන්කරගත් මස් කොටස් වෙළදපොල වෙත ප‍්‍රවාහනය කිරීමට ආදියට වැයකිරීමට සිදුවන්නේ සුලූපටු ශක්තියක් නොවේ.එම ශක්තිය කාර්යක්ෂමව භාවිතයට ගැනෙනවානම් කම්නැත.නමුත් මාංශ නිශ්පාදනයේදී කෙතරම් ශක්තියක් අපතේ යනවාදැයි පැහැදිලි කිරීමට සෝයාබෝංචි නිශ්පාදනය හා එය සැසදිය හැකි අතර සෝයාබෝංචි නිශ්පාදනයේදී යොදනු ලබන ශක්තියෙන් සියයට 90 ක් ම පාහේ කාර්යක්ෂමව භාවිතයට ගැනෙතත් මාංශ නිශ්පාදනයේදී යොදනු ලබන ශක්තියෙන් භාවිතයට ගැනෙනුයේ සියයට 10 ක පමණ ප‍්‍රමාණයක් පමණි.
මහා පරිමාණ සත්ත්ව ගොවිපල වලින් සත්ත්ව අපද්‍රව්‍ය පරිසරයට බැහැර කෙරෙන්නේ ටොන් ගණන් වලිනි.මෙම අපද්‍රව්‍ය ජලය දුෂණය වීමට,පසට බැරලෝහ එක්වීමට,එම අපද්‍රව්‍ය වලින් නිකුත් වන ඇමෝනියා වායුව නිසා ඇතිවන අම්ල වැසිවලට,හරිතාගාර වායුවක් වන මෙතේන් මුක්ත වීමට සෘජුවම හේතුවේ.
මේ කරුණු අසා මිනිසුන් මාංශ පරිභෝජනය කිරීමෙන් වැළකී සිටීවිද? නැත.දුම්පානය කරන්නන් දෙස බලන්න.දුම්පානය කිරීමේ ආදීනව ගැන කොතෙක් කීවද ඇතැමුන්ට එහි ගණනක් නැත.මාංශ නිශ්පාදනය නවතා දැමිය යුතුයැයි මම නොකියමි.නමුත් මාංශ නිශ්පාදනය හා සම්බන්ධ සමාගම් තමන්ගේ මාංශ නිශ්පාදන වල රසගුණ රැුකගැනීමට කැපවෙන බව නිතර පවසන්නා සේම නිශ්පාදනය නිසා සිදුවන හානි වලට සාර්ථක විසදුම් සොයාගැනීමටද යොමුවිය යුතුව ඇත.
මාංශ සදහා භාවිතා කළ හැකි ආදේශයකයන් වර්ග දෙකක් ඇත.ඉන් එකක් නිපදවෙන්නේ ශාක වලින් ලබාගන්නා ප්‍රෝටීන ආධාරයෙනි.අනෙක නිපදවාගැනෙන්නේ රෝපණ මාධ්‍ය වල වගාකිරීමට සළස්වන පටක කොටස් වලිනි.
රෝපණ මාධ්‍ය වල පටක කොටස් වර්ධනය කිරීමේදී සිදුවන්නේ සතෙකුගෙන් ලබාගන්නා සෛලයක් පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි පරිසරයක වර්ධනය වීමට ඉඩහැරීමය. සෛලයකට නොගිනිය හැකි තරම් වාරගණනක් නැවත නැවතත් බෙදෙමින් වර්ධනය වීමේ හැකියාවක් තිබෙන නිසා න්‍යායානුකූලව සැළකුවහොත් එක් සෛලයකින් මුලූ ලෝක ජනගහනයටම වසරකට සෑහෙන මාංශ ආහාර නිපදවා ගැනීමට පිළිවන.ෙසෙලය බෙදෙමින් වර්ධනය වෙද්දී එසේ වර්ධන වන කොටස පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොගවන ලද ස්පොන්ජයක් වැනි මාධ්‍යයක තබනු ලබන අතර ඇතැම් අවස්ථාවන්හිදී ෙසෙල කොටස් ඇදීමට ලක්කිරීමෙන් ඒවායේ ප‍්‍රමාණය විශාල කරගැනේ.මෙම ෙසෙල වල අවසාන ප‍්‍රතිඵලය වන මාංශ කොටස් සාමාන්‍ය පරිදිම ඉවුම් පිහුම් වලට යොදාගත හැකිය.
මෙසේ රෝපණ මාධ්‍ය වලින් මස් ලබාගැනීම සම්බන්ධයෙන් බටහිර රටවල තිබෙන්නේ දැඩි උනන්දුවකි.ඒ සදහා වන පර්යේෂණයන්ට මුදල් ලබාදෙන්නේද එම රටවල ජීවත්වන ජනතාවමය.ෆේස්බුක්,ගූගල්,ට්විටර් වැනි අන්තර්ජාල දැවැන්තයින්ගේද,ප‍්‍රකට කෝටිපතියන්ගේද අවදානය දිනාගැනීමටද මේ තාක්ෂණය දැනටමත් සමත්ව අවසානය.
මීට මාස කිහිපයකට පෙර මා මූර්ෆි නම් සමාගමක් ගැන සදහනක් කළා ඔබට මතක ඇති.කිරි ආහාර නිශ්පාදනය කරන සමාගමක් වන එය ඒ නිශ්පාදනයන් සදහා අවශ්‍ය කිරි නිපදවාගන්නේ සත්ත්ව ෙසෙල වගා කිරීමෙනි.නිව් හාර්වස්ට් හා මොඩර්න් මෙඩොව්ස් නම් තවත් සමාගම් දෙකක් ගැන මම පසුගිය සතියේ ඔබ හා අදහස් හුවමාරු කරගත්තෙමි.එම සමාගම් පදම්කරන සම් ආශි‍්‍රත නිශ්පාදනයන්ගේ ප‍්‍රමුඛයෝය.වෙනස වන්නේ ඔවුන් පදම් කිරීම සදහා සම් ලබාගන්නේ සතුන් ඝාතනය කිරීමෙන් නොව රෝපණ මාධ්‍යයන් වල සත්ත්ව ෙසෙල වගා කිරීමට සළස්වා ඒ ආධාරයෙන් ලබාගන්නා පටක කොටස් වලින් වීමය.
ලෝකය වෙනස් කරන්නට වෙර දරන තවත් මෙවැනි සංවිධානයන්,සමාගම් හා පුද්ගලයින් ගැන තවත් තොරතුරු මෙන්න.
ක්ලාරා ෆූඩ්ස් කුකුළන් ලවා බිත්තර ලබාගැනීමක් සිදුනොකර ජාන තාක්ෂණය ආධාරයෙන් බිත්තර සුදු මදය නිපදවාගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආයතනයකි.එය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවරය.හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ ගණිතය හා ජෛව රසායන විද්‍යාව පිළිඹද උපාධිධාරියෙකු වන ආර්ටුරෝ එලිසොන්ඩෝ හා ඔහුගේ හවුල්කරුවා වන ඬේවිඞ් ඇන්චෙල් එහි හිමිකාරීත්වය දරති.ජෛව තාක්ෂණය යොදාගෙන ආහාර නිපදවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ආර්ටුරෝ ලෝක ව්‍යාප්ත බැංකු ජාලයක් වන ක්‍රෙඩිට් සූසී ,ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම ඇමරිකා ධවල මන්දිරය ආදී ආයතනයන්ගේ සේවය කර තිබෙන්නෙකි.
චීනයේ දිනෙන් දින ඉහළ යමින් තිබෙන මස් පරිබෝජනයට හා ඒ හා බැදී තිබෙන මානව,පාරිසරික හා ආර්ථිකමය ගැටලූ වලට විසදුම් සෙවීමට චීන රජය දියත් කර තිබෙන විශේෂ ව්‍යාපෘතියකට ආර්ටුරෝ සකී‍්‍රයවම හවුල්වී සිටින්නෙකි.ඉහළ යමින් තිබෙන මාංශ ඉල්ලූම සැපිරීමට රෝපණ මාධ්‍ය වල වගාකරන ලද ෙසෙල වලින් ලබාගන්නා මස් යොදා ගන්නවා මිස පෙර පරිදි සත්ත්ව ගොවිපළ වල පිහිට පැතීමට වර්තමානයේ චීනයට හැකියාවක් නොමැත.ක්ලාරා ආයතනය තම බිත්තර සුදු මද ආදේශකය නිපදවාගැනීමට ශාඛ යොදාගන්නේ නැත.සාමාන්‍ය බිත්තර සුදු මදයක මෙන්ම මෙම ආදේශකයද ප්‍රෝටීන වලින් සම්පූර්ණය.කිකිළියන් බිත්තර ලන තුරු බලා නොසිට ක්ලාරා ආයතනයෙන් ලබාගන්නා බිත්තර සුදු මද වලින් ආහාර සකස් කෙරෙන අයුරු අපට දැකබලා ගැනීමට වැඩිකල් ගතවනු නොමැත.
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ රෙඞ්වුඞ් නගරයේ පිහිටා තිබෙන ඉම්පොසිබල් මීට් තවත් මෙවැනි ආයතනයකි.ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධරයෙකු වන පැට්රික් ඕ බ‍්‍රවුන් එහි හිමිකරුය.ඔහු යටතේ විද්‍යාඥයින්,ගොවිපල හිමිකරුවන්,කෝකියන්,ඉංජිනේරුවන් ආදී වෘත්තියකින් 50 දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් කණ්ඩායමක් සේවය කරයි.විවිධ මස් වර්ග හා චීස් වැනි කිරි ආහාර වර්ග ඉම්පොසිබල් මිීට් හි නිශ්පාදනයන් වේ.වෙනස වන්නේ මෙම ආහාර වර්ග නිපදවීමට ඔවුන් යොදාගන්නේ ශාඛ හා ධාන්‍ය වලින් ලබාගන්නා ප්‍රෝටීන හා වෙනත් පෝෂ්‍ය පදාර්ථයන් වීමය.එසේ නිපදවා ගැනෙන මස් කුට්ටි සැබෑ මස් කුට්ටියක මෙන් රසයෙන්,රත් පැහැයෙන්,දැන් කපා වෙන්කරගත්තාක් මෙන් ලේ වැගිරෙන පරිද්දෙන් නිපදවීමට පවා ඔවුන් සමත්ය.මෙසේ කෘතිමව ලේ නිපදවාගැනීමට යොදාගැනෙන්නේද ශාඛ වලින් ලබාගන්නා සංඝඨකයක් බව සදහන්ය.මෙම සංඝඨකය මිනිසා ඇතුලූ රතු ලේ ඇති සතුන්ගේ රුධිරයේ ස්වභාවිකව පවතින්නකි.තවදුරටත් මාංශ ආහාර සදහා සත්ත්ව ගොවිපල මත යැපීම වර්තමානය ගැලපෙන්නේ නොමැති බව පැට්රික්ගේ අදහසයි.දැනටමත් ඔහුගේ ඉම්පොසිබල් මිීට් සමාගම මුල් පෙලේ ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබෙන අතර මයික්‍රොසොෆ්ට් සමාගම හා ගූගල් සමාගම ආදී සමාගම් ඊට ආධාර ලෙස ලබාදී ඇති මුදල පමණක් ඩොලර් ලක්ෂ 750 ඉක්මවන්නකි.
මුලින් සඳහන් කළ ක්ලාරා සමාගම සේම සැන්ෆ‍්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි හැම්ටන් කී‍්‍රක් සමාගම සාමාන්‍ය කිකිළි බිත්තරයක අන්තර්ගතවන ප්‍රොටීනයන් වෙනම නිපදවා ගත හැකිදැයි සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වමින් සිටී.දැනටමත් එම සමාගම ජස්ට් මේයෝ නමින් නිශ්පාදනයක් වෙළදපොලට නිකුත් කර තිබෙන අතර ඔවුන්ගේ ඊළග උත්සාහය වන්නේ මෙම වසර අවසාන වීමට ප‍්‍රථමයෙන් මෙසේ වෙනම නිපදවන ලද බිත්තර ප්‍රෝටීන යොදාගෙන පිළියෙන කරන ලද ආහාර වර්ග වෙළදපොලට නිකුත් කිරීමයි.බිත්තර ප්‍රෝටීන නිපදවා ගැනීමට හැම්ටන් කී‍්‍රක් යොදාගනු ලබන්නේ ශාඛ ප්‍රෝටීනයන්ය.ඒ සදහා සුදුසු ශාඛයන් තෝරාගැනීමට ඔවුන්ට ආරම්භයේදී ශාඛ වර්ග හාරදහසක් පමණ යොදාගෙන පර්යේෂණ පැවැත්වීමට සිදුව තිබෙන බව සදහන්ය.අවසානයේ වඩාත් ගැලපෙන ශාඛ වර්ග දුසිමක් පමණ ඒ අතරින් තෝරාගැනීමට ඔවුන්ට හැකිව ඇත.ජෝෂ් ටෙට්රික්, හැම්ටන් කී‍්‍රක්හි හිමිකරුය.
ෆේස්බුක් සම නිර්මාතෘ එදුවාර්දෝ සවෙරින්,සේල්ස්ෆෝර්ස් සමාගම් අධිපති මාර්ක් බෙනියොෆ්, වැනි පුද්ගලයින් හා ගූගල් සමාගම,යුනි ප‍්‍රස්ඩන්ට් සමාගම (ආසියාවේ ප‍්‍රකට ආහාර නිෂ්පාදන සමාගමක්) වැනි සමාගම් හැම්ටන් කී‍්‍රක්හි මුදල් ආයෝජනය කර තිබේ.
කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියාහි පිහිටා තිබෙන ගාර්ඩෙයින් සමාගමද ශාක හා ධාන්‍ය ප්‍රෝටීන ආධාරයෙන් මාංශ වර්ග නිපදවීමේ ප‍්‍රමුඛයෙකි.එහි හිමිකරු වන්නේ යුවෙස් පොට්වින්ය.විවිධ ආකාරයට සකස් කරන ලද කුකුලූ මස්,කලූකුම් මස්,හරක් මස්,ඌරු මස් ආදිය මෙම සමාගමේ නිෂ්පාදනයන් වේ.මේ සියලූ මස් වර්ග සකස් කිරීම සදහා ගාර්ඩෙයින් යොදාගනු ලබන්නේ මුංඇට,සෝයා,තිරිගු ආදී ධාන්‍ය වර්ග වලින් හා විවිධ එලවලූ වර්ග වලින් ලබාගන්නා ප්‍රෝටීනයන්ය.සමාගමේ නිෂ්පාදනයන් නිසා ගාර්ඩෙයින් කැනඩාවේ නොයෙක් සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍රව ඇත්තේ වරක් දෙවරක් නොවේ.
මස් හා කිරි ආහාර වෙනුවට ඒ හා සමානම ආදේශයකන් දැන් වෙළදපොලේ නොඅඩුව ඇත.ඇමරිකා සමාගමක් වන එල් සෙගුන්ඩෝ මුං ඇට වලින් ලබාගන්නා ප්‍රෝටීන යොදාගෙන කුකුලූ මස් තීරු හා හරක් මස් නිපදවීමේ යෙදී සිටී.සෑන්ඩ් හිල් නම් තවත් සමාගමක් චීස් නිපදවන අතර ඒ සදහා ඔවුන් යොදාගන්නේ රටකජුය.
මෙම සමාගම් බොහෝමයක බරපැන දරන්නේ සිලිකන් නිම්නයේ පිහිටා තිබෙන ප‍්‍රකට සමාගම්ය.අනාගතයේ ලාභ ලැබීම සදහා අද ආයෝජනය කළ යුත්තේ කවර ක්ෂේත‍්‍රයටදැයි ඔවුන් දැනටමත් වටහාගෙන අවසන්ය.ලෝක ජනගහණය ගණනින් බිලියන 9 ඉක්මවන දිනය වැඩි ඈතක නොවේ.වැඩිවන ජනගහණයට කාර්යක්ෂමව ආහාර සපයාදිය හැකි තාක්ෂණයක් අද සිටම දියුණු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
No comments:
Post a Comment