පසන් රාමවික්‍රම නම් වූ මාධ්‍ය සොයුරා රට පුරා ඇවිද යමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළා පමණක් නොව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් අභීතව පෙනී සිටිමින් සිය කැමරාව සිය කටහඬ අවදි කරමින් බලධාරීන්ට සිය ශක්තිය පෙන්නුම් කළ සගයෙකි. පසන්ගේ වියෝව දරාගැනීමට තරම් ශක්තියක් ඒ අවස්ථාවේ නොමැති වුවත් සිහියට නැගුනේ පසන්ගේ කි‍්‍රයා කලාපයයි.
‘ලක්බිම’ පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ පසන් ඉතා කෙටි කලක් තුළ මාතර නිල්වලා ග`ග මෙන් ප්රසිද්ධියකට පත්විය. පසන්ගේ මාධ්‍ය ජීවිතය ද නිල්වලා ග`ග මෙන්ය. මතුපිටින් නිල්වලා ග`ග ඉතා මනරම්ය. එහෙත් පතුලෙන් එය ඉතා සැඩය. පසන් ද සිය මාධ්‍ය කටයුතු ඉටු කළේ ජනතාවාදීව සිනා මුසු මුහුණින්ය. එහෙත් ඔහුගේ පෑන සහ කැමරාව නිල්වලා ගං පතුල වැනිය.
මම පසන්ගේ මාධ්‍ය ජීවිතයේ බොහෝ දෙනා නොදුටු එහෙත් මාධ්‍යවේදින් පමණක් දුටු අපූර්වත්වයක් දුටුවෙමි. එනම් දිවයිනේ කොහේ හෝ තම ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට කරදරයක් සිදුවුවහොත් මුලින්ම ඇමතුම ලැබෙන්නේ පසන්ගෙනි. එහෙත් පසන්ගේ වියෝව දැනුම් දෙන්නට මාධ්‍යවේදියකු සිටියේ නැත. පසන් කැමරාව කරේ දමාගෙන, සටහන් පොත තුරුළුකරගෙන, බෝක්කුවක් මත සිහිසුන්ව වැටී සිටිය දී පසන් ගැන පොලිසියට කීවේ, පසන්ට ආදරය කළ මාතර සාමාන්‍ය මිනිසෙකි. එමෙන්ම ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මොර දීමට පසන් දෙවතාවක් සිතුවේ නැත. පසුගිය කාලසීමාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල වූ මැර තර්ජනවලට එරෙහිව මාතර පසන් කොළඹට, බදුල්ලට, ගම්පොළට, කුරුණෑගලට, සහ හම්බන්තොටට පැමිණ කි‍්‍රයාශීලිව කටයුතු කළ අයුරු අප මාධ්‍යවේදින්ගේ සදා මතකයේ රැඳෙනු ඇත.
පසන් අවසන්වරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග ගත කළේ, පසුගිය මාසයේ 26,27 සහ 28 දිනවලදී කොළඹදීය. ඒ පුවත්පත් මණ්ඩලයෙන් සංවිධානය කළ සාදාචාරාත්මක මාධ්‍ය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදීය. මෙදින පසන් වෙනදා මෙන් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් හෝ ඉල්ලීම් පිළිබඳ කිසිවක් කථා කළේ නැත. ඔහු කීවේ, ”සාදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් ඇති කිරීම සඳහා ඉදිරි කාලයේ තමන් කටයුතු කරන බවයි.” එමෙන්ම, මේ දින කිහිපයේ පසන්ගේ එකම සිහිනය වූයේ ඔහුගේ කැමරාවෙන් අනුන්ගේ ඡුායාරූප ගත් නිසා තමන්ගේ ඡුායාරූප ගොන්නක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ සඳහා ඔහුගේ කැමරාව මටත්, මොරටුවේ රේඛාටත්, හම්බන්තොට රාහුල්ටත්, අනුරාධපුර මනුලටත්, බදුල්ලේ පාලිතටත්, කුරුවිට අජිත් ලාල්ටත්, කල්පිටියේ පත්මටත් විටෙන් විට ලබා දී විවිධ ඉරියව්වලින් ඡුායාරූපවලට පසන් පෙනී සිටියේය. ඇතැම් විට ඒ පසන්ගේ අවසාන ඡුායාරූප ලබා ගැනීම බව ඔහු හෝ අප නොදැන සිටියේය.
පසන් නිතරම කිව්වේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ආර්ථික ගැටලූව පිිළිබඳවයි. ”මචං, අපිට භාර දෙන වැඬේ අපි හරියට ඉටු කරනවා. ඒ සඳහා අපිට ගෙවීම ප්‍රමාණවත් නෑ. අපි ඒකට අපේ ආයතන සමග ගැටුම්වලට යන්න හොඳ නෑ. මාධ්‍ය කටයුතු කරන ගමන් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කුමන හෝ සේවාවක් කළ යුතුයි. එහෙම නැති වුණොත් මචං, අපි මැරිලා ගියොත් අපේ ගැහැනු දරුවන්ට යන එන මං නැති වෙයි.
මචං. මේ ප්‍රසිද්ධිය තියෙන්නේ, අපි මැරිලා හත් දවසේ දානේ දෙනකන් විතරයි.” පසුගිය 27 වැනි දින කොළඹ සිටි හෝටලයේ 109 වන කාමරයේ ඔහු හා මා සිටිය දී රාත්‍රී 12.30ට පමණ මේ වදන් පෙළ පසන් මා සමග කිව්වේ, හැ`ගීම්බරවය. ආදරණීය පසන් ඔබ සත් දිනකට පමණක් නොවූ සදාකල් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හදවත් තුළ ජීවත් වනු නොඅනුමානය.
සැබෑ පත්තරකාරයකු නොව සැබෑ පත්තර මහතකු බවට පත් වූ නිරහංකාරකම සමාජයට පෙන් වූ ආදරණිය සහෘදයාණෙනි, අපට ඔබගේ වියෝව සදා අමරනීයය. පසන් ඔබට නිවන් සුව.
මේ ඡායාරූපයේ සිටින්නේ ඊයේ අප අතරින් සමුගත් පසන් රාමවික්‍රම. ප්රවෘත්තිමය අවස්ථා
ක්ෂණයකින් ග්‍රහණය කරගැනීමට ඔහුගේ තෙවැනි ඇස නිබඳව සමත් වුණා. ඒත් ඊයේ මාතර
ප්‍රදේශයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ හමුවකදී පසන්ගේ ක්‍රියාකාරීත්වය දක්නට
ලැබුණේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට නිද්රාශිලීවයි.
මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ මාධ්‍ය ඒකකය විසින්. එය මා වෙත ලබාදුන්නේ මාගේ සොයුරු ලක්මාල් ගලප්පත්ති. ඔහු පවසන ආකාරයට පසන් මෙම හමුව වාර්තා කිරීමට පවා පැමිණ සිටින්නට ඇත්තේ තම ශරීර අභ්‍යන්තරයේ ඇති වේදනාකාරී තත්වයන්ද සැලකිල්ලට නොගෙන විය යුතු බවයි. සමහර විට පසන් යම් හෘද රෝගී තත්වයක් යටතේ සිටින්නට ඇති. එය එසේනම් මේ දැක්වෙන්නේ පළමු හෘද සංකූලතා පහර ලත් අවස්ථාව විය හැකියි. තමාට දැනෙන අපහසුතාවය පිළිබඳ සැලකිල්ල යොමුකර වෛද්‍යවරයෙකු වෙත යෑම ඔහු කළ යුතුව තිබුණත්, ඔහු ප්‍රමුඛත්වය දී තිබෙන්නේ තම රාජකාරියටයි.
කෙසේ වෙතත් මේ... පසන් ජීවමානව සිටි අවසන් ඡායාරූපයයි.
මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ මාධ්‍ය ඒකකය විසින්. එය මා වෙත ලබාදුන්නේ මාගේ සොයුරු ලක්මාල් ගලප්පත්ති. ඔහු පවසන ආකාරයට පසන් මෙම හමුව වාර්තා කිරීමට පවා පැමිණ සිටින්නට ඇත්තේ තම ශරීර අභ්‍යන්තරයේ ඇති වේදනාකාරී තත්වයන්ද සැලකිල්ලට නොගෙන විය යුතු බවයි. සමහර විට පසන් යම් හෘද රෝගී තත්වයක් යටතේ සිටින්නට ඇති. එය එසේනම් මේ දැක්වෙන්නේ පළමු හෘද සංකූලතා පහර ලත් අවස්ථාව විය හැකියි. තමාට දැනෙන අපහසුතාවය පිළිබඳ සැලකිල්ල යොමුකර වෛද්‍යවරයෙකු වෙත යෑම ඔහු කළ යුතුව තිබුණත්, ඔහු ප්‍රමුඛත්වය දී තිබෙන්නේ තම රාජකාරියටයි.
කෙසේ වෙතත් මේ... පසන් ජීවමානව සිටි අවසන් ඡායාරූපයයි.
No comments:
Post a Comment