පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම සඳහා
අයවැයෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා නොදෙන
වෙළෙඳසල් හිමියන් සහ බස් රථ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා ආපන ශාලා
හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් පහක් එක්ව දුරකථන අංක පහක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව
අඩු කරන ලද මිල ගණන්වලට අනුකූලව එම භාණ්ඩ හා සේවාවන් නොලැබේ නම් ඒ සම්බන්ධයෙන් මෙම
දුරකථන අංකවලට ඕනෑම මොහොතක තොරතුරු ලබාදිය හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික
සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය. 071028912,
0788714926, 0777205131, 0773995943, 0717672807 යන අංක මේ සඳහා විවෘතව
ඇත.
ලැබෙන පැමිණිලිවලට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒවා ලබාගත් සැනින් රජයේ ඒ ඒ
බලධාරීන්ට යොමු කරන බවද හෙතෙම කීය.
සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය,
දරුවන්ට හෙටක් ජාතික ව්‍යාපාරය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී
ලාංකික එකමුතුව සහ සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවා සංගමය යන සංවිධාන එක්ව මෙම වැඩසටහන
ක්‍රියාවට නංවයි.
භාණ්ඩ හා සේවාවන්වල මිල අඩු කිරීමේ වාසිය මේ වන විට බොහෝ
පාරිභෝගිකයන්ට නොලැබෙන බවත්, ඇතැම් ප්‍රදේශවල පාන්පිටි හිඟයක්, ගෑස් හිඟයක් ව්‍යාජ
ලෙස මවා පා ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය. එබැවින් සිය සංගම්වල ක්‍රියාමාර්ගයට
අමතරව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් රජය මගින් ද සැකසිය
යුතුව ඇති බවත් අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment